
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රතු මුහුද ආශ්‍රිතව මේ වන විට සිදුවන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිමේ උත්සවයට එක්වෙමිනි.
ලෝක සාමය සහ කලාපයේ සාමය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව සෘජු තීරණ ගන්නා බව ද ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩන්න ආර්ථිකයක් නෑ...!
කඩන්න ආර්තිකයක් නෑ..
බංකොලොත් කරපු රටකට තවත් මොන ආර්ථිකයක්ද?
එහෙමනම්, බොරුවට දොඩන්නේ නැතුව, අධිකරණයෙන් තීන්දු කළ අර රාජපක්ෂ ආර්ථික ඝාතකයින්ගෙන් අලාභය අය කරලා පෙන්නන්න කෝ?
මොකද්ද කිව්වේ? තේරුනේ නැහැ.
මරු කියනවා...