IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාව අලුත් බලශක්ති සොයමින් ඉන්නවා

(අංජුල මහික වීරරත්න)

ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීමේ අවස්ථා සොයමින් සිටින බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ලංකාව පුනර්ජනනීය බලශක්ති විභවයන් බහුල රටක් වන බැවින් මෙම පියවරට පහසුවෙන් ලඟා විය හැකි බවද විජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකාව ද අඩු කාබන් විමෝචනය කරන රටක් බවත්, සාමාන්‍යයෙන් වසරකට ඒක පුද්ගල කාබන්  විමෝචනය ටොන් 1.02ක් පමණ වන බවත් විජයවර්ධන මහතා  වැඩිදුරටත් සඳහන් කළේය. 

පැරිස් ගිවිසුමේ පාර්ශවකරුවකු ලෙස 2030 වන විට හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව ද කැපවී සිටින බවද  ඊට අනුරූපව, 2030 වන විට  විදුලි අවශ්‍යතාවයෙන් 70% ක පුනර්ජනනීය බලශක්තියෙන්  ලබා ගැනීමට ලංකාව කැපවී සිටින බවද විජයවර්ධන මහතා කීය.

ශ්‍රී ලංකා පිරිසිදු බලශක්ති සමුළුව අමතමින් විජයවර්ධන මහතා මෙි බව සඳහන් කළේය. කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මෙය පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල්හයිම් මහතා,  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි,මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්වරු ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (2)

ලංකාව අලුත් බලශක්ති සොයමින් ඉන්නවා

AB Monday, 27 March 2023 09:28 PM

ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්තියට සංක්‍රමණය වීමේ අවස්ථා සදහා පුනර්ජනනීය බලශක්තිය පිලිබදව නිරතුරුව උනන්දුවන්න්වූ සහ ඒ පිලිබදව Research and development කරනාවූ Australia, Canada, USA, german, Norway and russia වැනි රටවල් සමග සම්බන්දව ඔවුන්ගේ නව නිර්මාණ පිළිබදවද සොයා බැලීමක් කලයුතු නම් වැදගත්වේ

:       0       0

සාර්කැස්ටික් Tuesday, 28 March 2023 09:51 AM

ලොරි බස් ටික අයින් කරලා හොද ප්‍රවාහන සේවයක් ඇති කලා නම් කාබන් විමෝචනය ගොඩක් අඩු වෙයි. ඔය ලොකු පෙලපත් වලින් ආපු උන්දැලා v8 වල යද්දි ලොරි බස් වල අමාරුව එයාලාට තේරෙන්නේ නෑ. සරලවම කීවොත් කරන්න ඕන දෙය කෙරිලා නෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site