IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාවේ අර්බුදයට හේතුව සෙනට් යෝජනාවකින් කියැවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව වෙන් කර ඇතැයි  ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ සෙනෙට් යෝජනා වේ සඳහන් කර ඇත.

වැරදි කෘෂිකාර් මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් ආර් ථික වශයෙන් සාර් ථක නොවන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනයෙන් බිලියන ගණනක් ණයට ගත් බවත් එම යෝජනාවෙන් කියැවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩෙස්,සෙනෙට් සභිකයින් වන ඩික් ඩර් බින්,පැට්‍රික් ලීහී සහ කෝරි බුකර් ශ්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පසුගිය රජයේ දුර්වවල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථක අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් මෙම යෝජනාව මගින් ඉල්ලා ඇත.

ආර්ථික වර්ධනය තුළින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ප්‍රදානය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මූල්‍ය සහාය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව එම යෝජානාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සාමකාමී විරෝධතා ශ්‍රී ලංකා රජය ඉලක්ක කර බව එම යෝජනාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් විසඳුම් සෙවීමට විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව එම යෝජනාවේ දැක්වේ.

එසේම සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ නිත්‍යානුකුල අයිතීන්ට ආරක්ෂක අංශ ගරු කළ යුතු බව එම යෝජනාවේ සඳහන් වේ.ශ්‍රී ලංකවේ ආර් ථිකයට බලපාන වංචා සහ දුෂණ ඇතිවීමට ඉඩකඩ ඇති අවස්ථා විසඳීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශංසා කරන බව එම යෝජනාවේ දැක්වේ.එසේම ජාත්‍යන්තර සංවර් ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඩ්. සංවිධානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවද ප්‍රශංසා කරන බවද එහි සඳහන් වේ.

මෙම කරුණු ඇතුළුව තවත් කරුණු රාශියක් මෙම යෝජනාවේ ඇතුළත් වේ.

 



අදහස් (8)

ලංකාවේ අර්බුදයට හේතුව සෙනට් යෝජනාවකින් කියැවේ

පිටිගල මිලානෝ Thursday, 15 September 2022 05:14 PM

සාටක කාරයන් එලියේ ඉන්නකල් රට මෙහෙමම තමයි. මේ අය ඇතුලට දාලාම වැඩ පටන්ගමු.

:       82       9

de silva Thursday, 15 September 2022 05:34 PM

කියව කියවා ඉඳලා ඇති ඵලක් නැහැ... ඇමරිකාව තුළ තිබෙන හොරුන්ගේ මුදල් සහ දේපළ අත්අඩංගුවට ගෙන එම මුදල්වලින් ඇමෙරිකාවට ලංකාවෙන් ගෙවන්න තිබෙන ණයවලින් අඩුකරගන්න. හොරු පවුල් පිටින් ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ. ඔවුන් එහේ පුරවැසියෝ. ඇමෙරිකාවට අවශ්‍ය නම් පුළුවන් ඔවුන් වෙනත් රටවල සඟවා තිබෙන වැරැදි ලෙස උපයාගත් මුදලුත් අත්අඩංගුවට ගන්න.

:       0       0

ganegoda Thursday, 15 September 2022 05:35 PM

සහතික ඇත්ත බොබ් මෙන්ඩිස් මහත්තයෝ...! මුළු පවුලම පාර්ලිමේන්තුවට දාගෙන හොඳට යටිමඩි ගැහුවා. ඒකට ඇමැති පට්ටම් 3,4 ගානෙ දීගෙන ජනතාවගේ මුදල්වලින් ලස්සන සැප පහසුකම්වලින් පිරී ඉතිරී ගිය ජීවිත ගතකළා. පවුල්වාදය කියන්නේ රටකට අහේතුවක් වුණත් ලංකාවේ ජීවත් වෙන මිනිස්සු ඕවා දන්නේ නැහැ..!

:       1       2

විපරමා Thursday, 15 September 2022 06:58 PM

ලන්කාවේ ආර්තික අර්බූදයට ලොකුම හේතුව දූෂිත පවුල් පාලනේ මහාපරිමාණ ,හොරකම්, වන්චා. දූෂණ ,නිසි කළමනාකරණයක් නැතිකම ,මහජන මුදල් නිකරුනේ කාබාසීනියා කිරීම .

:       24       30

SurathalaFriday, 16 September 2022 10:52 AM

ඔබ හරි.. නමුත් ඔවුන්ගේ යටි අරමුණ MCC දිනාගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරගැනීමයි.

:       1       46

Senaka Thursday, 15 September 2022 08:26 PM

නිකන් දැනගන්න අහන්නේ. රාජපක්ෂලාගේ පෝර තීරණය, ඩොලරය පා නොකිරීමට තීරණය, අනිත් අයගේ මත නොවිමසීම වගේම ජොන්ස්ටන්, සනත් නිශාන්ත වගේ අය ඔලුව උඩ තියාගෙන සිටීම මහ මැටි තීරණ බව ඇත්ත. ඒත් කාටවත් මතක් වෙන්නේ නැත්තේ ඇයි? අපි අවුරුදු 30ක යුද්ධයට වියදම් කරපු වියදම ඩොලර් බිලියන 220?. දැනට අපේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 56ක්... 1977 දී අපේ ණය ඩොලර් බිලියන 1ක් වුණා. විවෘත ආර්ථිකේ එක්ක අපි වලටම යැව්වේ යුද්ධෙ. හම්බන්තොට වගේ වරායවල් 10ක් විතර හදලා, ගුවන් තොටුපලවල් 5ක් විතර, රට වටේම හයිවේ වගේම විදුලි දුම්රිය හදන්න ඒ මුදල වැඩිත් එක්ක... මිනිසුනේ වෙලාව පොඩ්ඩක් වියදම් කරලා හිතන්න කවුද මේ යුද්ධය අපේ ඔලුවේ පැටලුවේ..? කවුද මේ යුද්ධයෙන් ලාභ ලැබූයේ කියලා.

:       0       94

bamunuarachchi Friday, 16 September 2022 06:17 AM

ණයට ගත්තා නම් සෙනෙට් සභිකයාට කලින් මොර දෙන්නේ අනුර කුමාර... අනුර කුමාර එහෙම දෙයක් අද වෙනතුරු ප්‍රකාශ කළේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩුවේ රනිල් බිලියන 7ක ණය ගෙවන්න තිබුණු ණය වාරිකය ගෙවා ඉතිරියට කොන්දේ අමාරුකාරයින්ට ඉස්තරම් වාහන ගෙන්වපු බව කිව්වා. අපි ඒ බව දැක්කා. කවුද මේ වැරැදි තොරතුරු දෙන්නේ? ඩයස්පෝරාවේ වැරැදි තොරතුරු අරගෙන කතා කරන්න ගිහින් මෙයා අමාරුවේ වැටෙනවා ෂුවර්...!

:       2       38

Bamunuarachchi Friday, 16 September 2022 06:28 AM

කොහේද සෙනට් උන්නැහේ සාමකාමී අරගල කළේ? සාමකාමී අරගලවලට මංකොල්ලකෑම්, ගෙවල් හා රජයේ දේපල ගිනි තැබීම් අයිතිද? ඇමරිකාවේ බ්ලැක් ලයිව්ස් මැටර්ස් කියන අරගලය ඇතිවුනේ කොහොමද? කල්ලාගේ බෙල්ලට සුදු පොලිස්කාරයාගේ කකුල තදකර මැරුවේ ඔබලා සාමකාමී අරගලවලට දෙන ප්‍රතිචාරය පෙන්වන්න නේද? කැනඩාවේ කොරෝනා මුකවාඩමට විරුද්ධව ගෙන ගිය උද්ඝෝෂණයට සලකපු විදිය දැක්කේ නැද්ද? ලංකාවේ අපි විතරද උද්ඝෝෂණ මර්දනය කරන්නේ...?

:       2       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site