(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කතා කරන භාෂාව ජාතිය ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැතැයි ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තීරණය ගත්තොත්  ලෝකය සමග ඉස්සරහට යන්න පුළුවන් බවද දොලවත්ත මහතා කීය.

යුරෝපයට ඇමරිකාවට යන්න පුළුවන් දරුවන්ට දැනුම ලබා දුන්නොත් පමණක් බව ද දොලවත්ත මහතා පැවසීය.