(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩු විභාගයෙන් ඉවත් වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (23) තීරණය කළේය.
මෙම අධිකරණය හමුවේ නඩුව විභාග කිරීමෙන් තමන්ට සාධාරණයක් ඉටුවේවියැයි විශ්වාසයක් නැති බවට නඩුවේ සිව් වැනි විත්තිකරු විරෝධතාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී තම අධිකරණය පිළිබඳව අංශුමාත්‍රයක හෝ සැකයක් තිබේ නම් තවදුරටත් නඩුව විභාග කිරීමට තමන් සූදානම් නැති බව සඳහන් කරමින් නඩු විභාගයෙන් ඉවත් වු විනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයකු පත් කිරීම සඳහා නඩුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කරන බවද සඳහන් කළේය.
රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම කුමන්ත්‍රණකාරීව සිදුකළ බව ඇතු`ථ චෝදනා 14 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් පවරා ඇති නඩුව සඳහා නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ට පෙනී සිටීමට නොහැකි බවට විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කළ විරෝධතාවයක් මීට පෙර දිනයේ ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාගයට ගැනීමට කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ සිව් වැනි විත්තිකරු ඉදිරිපත් කළ විරෝධතාවයකට අනුව විනිසුරුවරයා එලෙස නඩු විභාගයෙන් ඉවත් විය.
දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෙම රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා කෝටි 12 1/4 ලබාගත් බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස මහත්වරුන්ය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලොකුම අල්ලස් නඩුවේ විනිසුරු ඉවත් වේ
ranjith Thursday, 23 June 2022 09:16 PM
රජයෙ සේවය අපකීර්තියට පත් කරපු මෙවැනි දූශිත නිලධාරින්ට උපරිම දඩුවම් හිමි විය යුතුය.
Mo77 Friday, 24 June 2022 05:50 AM
මේකටවත් නිවැරැදි තීන්දුවක් ලැබෙනු ඇතැයි අපි සිතමු..!. රේගුව සුරාබදු ආදායම් බදු විදුලි බලය ඛනිජ තෙල් අන්ත දූෂිත ආයතන. මෙම ආයතන වල ආදායම් අඩු වෙද්දී ඒවා වල වැඩ කරන සේවකයින්ගේ වත්කම් වැඩිවෙයි. අහෝ දෙවියනි...!
vijayanthi valabandar Friday, 24 June 2022 06:17 AM
කජු කන්නද ඉල්ලගෙන තියෙන්නේ...?