(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ  යමුනා පද්මිණීගේ ඝාතනය සම්බන්‍ධයෙන් සැකපිට අත් අඩංගුවට ඇගේ සැමියා මෙම 08  වැනි දා දක්වා රිමාන්ඞ් බාරයේ තබන්නැයි පොලොන්නරුව මහේස්ත‍්‍රාත් සකිත ක‍්‍රිෂාන් වික‍්‍රමරත්න මහතා අද නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත්කරන ලංකාපුර අධ්‍යාපන කොට්ඨාසයේ රජයේ පාසලක මුරකරුවකු ලෙස සේවය කරන හේරත් මුදියන්සේලාගේ කපිල සෙනරත් බණ්ඩාර යන අයයි.

දෙදරු මවක වූ මුණවීර මුදියන්සේලාගේ යමුනා පදිමිණී නැමැති කාන්තාව ඉකුත් 4 වැනි දා සැමියා සහ සිය දරුවන් දෙදෙනාද සමඟ නිවෙසේ උඩුමහලේ නිදා සිටියදී තියුණු ආයුධයකින් හිසට පහරදී ඇය ඝාතනයකර තිබූ බව පුලස්තිපුර පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇතැයි පොලිසිය අධිකරණයට දැන් වීය.