(ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ එම්.එම්.යමුනා පද්මිණී (42) මහත්මියගේ ඝාතනය සම්බන්‍ධයෙන් ඇගේ සැමියා සැකපිට අද අත් අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
මෙම ඝාතනය සඳහා යොදාගත් බව කියන පොරොවක්ද සොයාගත් බව පොලීසිය පවසයි.
පොලොන්නරුව,බී.ඕ.පී.316,තල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන ඇය පසුගිය 04 වැනිදා අලුයම සිය නිවෙසේ නිදා සිටියදී තියුණු ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර තිබූ බව පුලස්තිපුර පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබුණි.
මෙම කාන්තාව සහ ඇගේ සැමියා සිය දරුවන් දෙදෙනාද සමඟ නිවෙසේ උඩුමහලේ කාමරයේ නිදා සිටියදී ඔවුන් සිටි කාමරයට හොර රහසේ ඇතුලු වු කිසියම් පුද්ගලයකු මෙම පහරදීම සිදුකර පලා ගිය බව ඇගේ සැමියා ප්‍රථමයෙන්ම පොලීසියට ප්‍රකාශකර තිබුණි.
මෙම පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබාසිටි කාන්තාව රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
ඉන්පසුව සිදුකල පරීක්‍ෂණවලින් පසුව මරණකාරියගේ සැමියා සැකපිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනයට අදාල තොරතුරු රැසක් සැකකරුගෙන් හෙලිවූ බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයගෙ කටඋත්තරෙ අහන ඔනම කෙනෙක්ට තේරෙනව රෙඩි බොරුවක් කියන්නෙ කියල. මීට කලින් ගෑනියි ලමයි දෙන්නයි මැරුව එකටත් කිවෙ ඔය වගෙ කතවක්.