(ක.ග.කරුණාරත්න,නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, තල්පොත පොළොන්නරු ලිපිනයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු මවක වන එම්.එල් යමුනා පත්මිණි යන අය බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

ඝාතනයට ලක් වෙද්දී ප්‍රදේශීය ලේකම්වරියගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනාද සිට ඇති බව පුලස්තිපුරපොලිසිය සඳහන් කරයි.

ඇය කවුරුන් විසින් ඝාතනය කරන්නට ඇත්ද, කුමන හේතුවක් මත ඝාතනය කළාද යන්න, මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕශාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරයි.