
(නිමල් ජයරත්න)
මැදිරිගිරියේ පාසලක ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ලංකාදීප මැදිරිගිරිය ප්‍රාදේශීය මාධ්‍යවේදිනි චාපා මධුභාෂිණි මහත්මියට මවුපියෝ පිරිසක් පහරදීමට උත්සහ කරමින් ඇගේ රාජකාරියට බාධා කරමින් දැඩි විරෝධයක් එල්ල කළහ.
විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයකු ඇතුළු දරුවන්ගේ මව්පියන් පිරිසක් අද ( 05) සයමස් ගැබිණිමක වූ අප මාධ්‍යවේදිනි ගමන් ගත් යතුරු පැදිය නතර කරවා ඇය යතුරු පැදියේ ආසනය මත වාඩි වී සිටියදී යතුරුපැදියට පහරදී, ඉතා අනාරක්ෂිත තත්වයට පත් කර ඇත.
වාර්තාකාරිනියගේ ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප සහ වීඩියෝ බලහත්කාරයෙන් මකා, ඇයට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවට ඇය අද මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඇය මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ එම විදුහලේ ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකිරීම නිසා පාසලට පැමිණි දරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට ගිය අවස්ථාවේය.
තමාට එම විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයකු සහ මව්පියන් පිරිසක් පරුෂ වචනයෙන් බැන තර්ජනය කර යතුරු පැදියට පහර දුන් බවත්, තම ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔවුන් බලහත්කාරයෙන් විසන්ධි කළ බවද චාපා මදුශානි මහත්මිය පැවසුවාය.
තමාගේ යතුරුපැදියට පහර දී බැන තර්ජනය කර පරුෂ වචනයෙන් බැණ වදිමින්, ප්‍රකෝපකාරීව හැසිරුණු විශ්‍රාමික ගුරුවරයා හා මාපියන් තමා වට කරගෙන පහරදීමට උත්සාහ කර බවත්, මේ පිළිබඳව මැදිරිගිරිය පොලිසියට දුරකථනයෙන් දැනුම් දීමත් සමග, විශේෂ පොලිස් කණ්ඩායමක් එම පාසලට ගොස් ප්‍රකෝපකාරි ලෙස හැසිරුණු මව්පියන්ට තරයේ අවවාද කරමින් අප මාධ්‍යවේදිනිය නිදහස් කර ගත්තේය.

2025 නොවැම්බර් මස 04
793
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාදීප මැදිරිගිරිය මාධ්‍යවේදිනිට පහර දෙන්න හදයි
de silva Wednesday, 05 March 2025 01:00 PM
ගැබිණි මාධ්‍යවේදිනියකට හිරි හැර කිරීම අනුමත කරන්න බැහැ.
අතුල Wednesday, 05 March 2025 01:20 PM
අයියෝ රජුන් තැනූ රජරට...
Pradeep Kumara Wednesday, 05 March 2025 05:08 PM
ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්ථා නොකිරීමට දෙමව්පියෝත් අනුබල දෙනවා කියන්නේ දරුවන් ගැන බලන්න කෙනෙක් නෑ කියන එකද? වැටයි නියරයි දෙකම ගොයම් ටික කනවානම් තවත් මොන කතාද?
Dehsabandu Thursday, 06 March 2025 09:25 AM
ශුවර් එකටම උන්ට බත් පාර්සලය ගානේ ලැබෙන්න ඇති. ආයේ කිසිම සැකයක් නැහැ. මැරිලත් සල්ලිවලට දික්කරන එවුන්නේ