(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)
"කැබිතිගොල්ලෑවෙන් පටාචාර කතාවක්" යන මැයෙන් "ලංකාදීප" පුවත්පතේ පළ වූ පුවත දැක දානපතීන් උදව් කිරීම නිසා විදුලි බිල හා වතුර බිලට අදාළ හිග මුදලවන රුපියල් අසූදහස් හත්සිය පනහ ගෙවා දැමීමෙන් පසු ඒ මොහොතේ ම ජලය දුන් බව ස්වාමියා අහිමි කැබිතිගොල්ලෑව පදවිය පාරේ පදිංචිව සිටින පී. අනුරාධා ස්වර්ණමාලී කීර්තිරත්න (33) සිවු දරු මව පවසන්නීය.
විදුලි සබදතාව අද 30 වැනිදා දෙන බව පැවැසූවේ යැයි ද ඇය කියයි.
නිවෙසේ මාස හතරක් තිස්සේ විදුලිය විසන්ධි කර සති දෙකක් තිස්සේ ජලය විසන්ධි කර තිබියදී මීට දින පහකට පෙර තම ස්වාමිපුරුෂයා හදිසි අනතුරකින් මිය ගිය බව ඇය පවසන්නීය.
වයස අවුරුදු 11, 09, 02 දරැවන් හා දින 42 ක ලේ කැටි දරුවකු ද සමග තනිවම දැඩි ආර්ථික අපහසුතාවලට ලක්ව කිසිවක් කරකියා ගත නොහැකි ව සිටි මොහොතක "ලංකාදීප" පුවත්පත තම පිහිටට පැමිණි බව ඇය අපට පැවැසුවේ හැඩූ කඳුළෙනි.
"ලංකාදීප" පුවතත් සමග දානපතීන් රැසක්ම තොරතුරු විමසා උදව් උපකාර කළ බව ද එක් මහත්මයකු රුපියල් 70.000ක් ජල හා විදුලි බිල් ගෙවා දමන ලෙස පවසා දුන් බව ඇය ප්‍රකාශ කළාය.
අනුරාධා ස්වර්ණමාලී සිවුදරු මව වැඩිදුරටත් මෙසේ පැවසුවාය.
අද උදේ ඉදලා කෝල් ආවා. අපගේ දුක ගැන ඇහැව්වා. ගිණුම් අංක ඉල්ලාගෙන මුදල් එවා තිබෙනවා. මම එතුමලාට ස්තුති කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ. මගේ අසරණ දරුවන්ගේ නාමයෙන් අපට උදව්කරනවා. මගේ මහත්තයා ඉන්න තැනකින් සතුටු වෙනවා ඇති මේ වෙලාවේ.
මේ හැම දෙයක්ම වුණේ ලංකාදීප පත්තරේ නිසා. ඇත්තටම මම හීනෙකින් වත් හිතුවේ නෑ අපට මෙතරම් යහපත් දෙයක් වෙයි කියලා. උදව්උපකාර කළ හැමෝටම මම විශේෂ ස්තුතියක් ඉදිරියේ දී කරනවායැයි ඇය පැවැසුවාය.
මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071 8358 999 ධම්මකිත්ති හිමියන්ගෙන් හා අප පුවත්පත (011 247 9212) ලබාගත හැකිය. අසරණ වූ මවට දුරකථන පහසුකම් නොමැත.
පී.අනුරාධා ස්වර්ණමාලි කීර්තිරත්න නමින් කැබිතිගොල්ලෑව මහජන බැංකු ශාඛාවේ අංක 150200130046791 දරන අංකයට ද ඇය වෙනුවෙන් මුදල් බැර කළ හැකියි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කතා කිව්වත් තමන්ට දැරිය නොහැකි පවුල් ලංකාවට වධයක් වී හමාරයි.දිනපතාම දරුවන් එක්ක නැති බැරිකම කියන දෙමාපියන් මාධ්‍ය වලට අඬනවා. නොදැනුවත්කම හෝ මොන හේතුව වුණත් රටටම බරක්. පවුල් සංවිධාන සංගමය නැවත පණගන්වන එක මීට වඩා යහපත් නේද?
හරිම සතුටුයි. උදේ පාන්දරම සුන්දර ප්‍රවෘත්තියක්. ලංකාදීප සේවක මඩුල්ලට සහ රුපියලකින් හරි උපකාර කළ සියලු දෙනාටම පින්.
රටක ජනගහනය, ආර්තිකයට ශක්තියක්. මේ බව දකුණු කොරියාව, ජපානය, චිනය වැනි රටවල් දිහා බැලුවාම පේනවා. ඒ රටවල් ළමයි හදනවාට ආධාර කරනවා. අපේ රටට පුංචි පවුල රත්තරන් කියලා දුන්න ලනුවෙන්, සිංහල ජනගහානය අඩු වුණා. හම්බයෝ වැඩි වුණා!
උදව් උපකාර කළ සියලුම දෙනාට ගොඩක් පින්. ඒ මවට ලොකු සහනයක්.
LALLA වැනි ලිං මැඩියන් ඉන්න තාක්කල් ලංකාව හදනවා බොරු...කිසිම මනුස්සකමක් නැති මොහු අමන ජෙප්පෙක්
ගොඩක් සතුටුයි. ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය නියෝජිත තුමාටත් සියලුම කාර්ය මණඩලයටත් ගොඩාක් පිං සිදුවන වැඩක් කරලා තියෙන්නේ. මේක පිං උල්පතක්, එහෙම කියන්නෙ, ඔබ තුමාලගෙ මේ ක්‍රියාව නිසා මේ අයට දිගටම ආධාර උපකාර ලැබෙනවා. ඒ ලැබෙන ලැබෙන වාරයක් ගණනෙ ඔබලාට පිං ලැබෙනවා. මේ අයට සැපවත් ජීවිත ලැබුණොත් ඒ් ඔයාල නිසාමයි. තවත් දෙයක් කියන්න ඔ්න. මේ වගේ දරු පවුල් ගැන ප්‍රසිද්ධියක් දෙනවා කියන්නෙ, අපේ රටට ඒක මහත් බරක් නෙමෙයි. මේ රටේ සිටින ඉතාම ගුණවත්, යහපත්, පිං කැමති අයට, පිං රැස්කරගන්නට ඔබ තුමන්ලා කරන්නෙ මහත් උපකාරයක්. ඒ නිසා මේ වගේ දේවල් ගැන සෑම විටම ප්‍රචාරයක් ලබාදෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
දුෂාන් වසර ගානකට පෙර අනුපාතම තමයි දැනුත් ඔය අරය මෙයා වැඩි වෙනව කියන්නෙ මිත්‍යාවක්, ජපානය, කොරියාව වගේ රට හදන පාලකයො පත් කරගත්ත නම් මමත් ඔබගේ මතයට එකඟයි.
LALLA වගේ මොලේ උඩ වාඩිවෙල COMMENTS ලියන ජෙප්පෙකුට ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕක තමයි ජෙපි නියාය
උඹලගෙ අම්මටත් තිබ්බෙ පවුල සැලසුම් කරගන්න. එහෙම වුණානම් මේ වගේ ගොං කතා කියන එකෙක් හරි ඉපදෙන එක අඩු වෙනවනේ