
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත් කරල් තොගයක් සමග අත්අඩංගුවට ගත් ප්‍රබල අරගල ක්‍රියාකාරී සංගීත ශිල්පියකු බව කියන මඩපාත පොල්හේන නිවස තුළ තිබි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාගේ ඥාති නිවස ගිනි තබා විනාශ කර කොල්ල කා තිබූ බැංකු පොත් සහ චෙක් පොත් තොගයක් සොයා ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
එම නිවසින් කොල්ල කන ලද චෙක් පොත් 3 ක් , රාජ්‍ය සහ පුද්ගලික බැංකුවවලට අයත් ඉතිරි කිරීමේ ගිණුම් පොත් 4 ක් , ඥාති දියණියට අයත් හැඳුනුම්පතක් සැකකරු ගංජා පැකට් කිරීම සඳහා යොදාගත් ඉටිකොල රෝලක් , පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 75769 මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මඩපාත ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී පොල්හේන ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිටි සැකකරු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ බෑගයේ තිබි මත්කරල් තොගයක් හමුවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක් සිදුවීමක් පමණයි...!
රනිල් ඡන්ද වැඩ පටන් අරන් වගේ...?
දැන් ජේවීපී ලෝයරලා පෝලිමේ ඒවි මෑන් වෙනුවෙන් නොමිලේ නීතිඥ සේවය සපයන්න. ජෙප්පෝ කියයි අපේ සාමාජිකයෙක් නොවෙයි කියලා?
'අරගල' කියන වචනේ වෙනුවට 'මාලිමා' කියල දැම්මනං තමයි ඔයාලට කියාගන්න ඕනෙ දේ කියවෙන්නේ. හරිම දුර්වල රචනයක්.
පේනවනේ මොකටද අරගල කලේ කියලා, ඔය අරගලේ හිටිය 99% තමන්ගෙ පුද්ගලික අරමුණු වෙනුවෙන් හිටියේ. ටික දෙනෙක් තමන්ගේ කෑම වේල සරිකර ගන්න ඔතනට ආව තව සමහරු ඩොලර් මල්ල තරකරගන්න ආව.