(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.
ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපායද අවදානමට ලක්ව ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පවුලක සාමාජිකයින් ආහාර ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.ශ්‍රී ලංකාවේ ජුනි මස උද්ධමනය සියයට 54.6 ක් බවත් ප්‍රවාහන ගාස්තු සියයට 128 කින් වැඩි වී ඇති බවත් ආහාර උද්ධමනය සියයට 80.1 බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලාංකික පවුලක් මසකට රුපියල් 93,675 සිට 148,868 මුදලක් ඉපැයිය යුතු බව ආහාර උද්ධමනය ගණනය කිරීමේ විශේෂඥයෙකු වන ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් මහත්මිය රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
නමුත් ශ්‍රී ලංකික පවුලක සාමාන්‍ය ආදායම මසකට රුපියල් 76,414 බවත් ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 20 ක් වන දුප්පත් පවුලක මාසික ආදායම රුපියල් 17,572 ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා තවත් උග්‍ර කරමින් එළවළු මිල දෙගුණ වී ඇති බවත් ගිය වසරේ රුපියල් 145 ක් වූ සහල් කිලෝවක මිල අද වන විට රුපියල් 230 ක් වී ඇති බවත් රොයිටර් පුවත් සේවය පැවසුවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලාංකිකයන්ට තුන්වේල කන එක ගැටලුවක්
ranjith Tuesday, 05 July 2022 12:46 PM
රොයිටර් නියෝජිතයො දන්නව ලංකාවෙ මිනිස්සුන්ට කන්න නෑ කියල රටෙ නයකයො කියා ගන්නා පබයන්ට මෙව තාම තේරෙන්නෙ නැතිද?
fairoos Tuesday, 05 July 2022 01:20 PM
නන්දසේන සහ රනිල් ඔයාලාට රට කරන්න බෑ. තොලොංචි වෙලා යන්න.
Sunil Tuesday, 05 July 2022 03:53 PM
ජනගහනයෙන් වැඩි කොටසකට දැන් එක වේලක් කන එකත් ගැටලුවක්.