
(අංජුල මහික වීරරත්න)
රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බූත පිරිස ගිහින් රුසියන් වනිතාවන් සමඟ විනෝද වෙලා හොඳට කාලා බීලා, සංචාරය කරලා ආපහු එනවා. ප්‍රශ්නෙ එහෙමමයි. මොනවද ඔට්ටු?
අපි විශ්වාස කරනවා මේ දූත පිරිස අපේ රණවිරුවන්ව ආපහු කිසිම කරදරයක් නැතුව රැගෙන එවී කියලා. හැබැයි, මිග් උදයන්ගගේ තෙල් මාරු කරන වැඩවලට නම්, අහුවන්න එපා.
දැන් මේ භූත පිරිස රුසියාවට යන්නම ඕනෙද, එතකොට ලංකාවේ තියෙන රුසියානු තානාපති කාර්යාලයෙනුයි, රුසියාවේ තියෙන ලංකාවේ තානාපති කාර්යාලයෙනුයි ඇති වැඩේ මොකක්ද? කොහොම වුණත් අන්තිමට වෙන්නෙ රටේ බදු මුදල් වලින් ඔය යන නාකි භූත පිරිස රුසියාවෙන් වතුර ටික මාරුකරගෙන එන එක විතරයි.