
(විමුක්ති එස් රුද්‍රිගු)
ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දුන්නේය.
ඉංග්‍රීසි ව්‍යාකරණ දෝෂ රාශියක් ඇති මෙම වෙබ් අඩවිය පිරමීඩ ක්‍රමයක් බව අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.
මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් අලුත් ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගනිමින් පැරණි ආයෝජකයන්ට මුදල් ගෙවන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.
මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවිය ක්‍රිප්ටෝ ආයෝජන ක්‍රමයක් ලෙස හැඳින්වූවත් ස්පෝර්ට්ස් චේන් නමින් ලියාපදිංචි ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් හෝ වත්කමක් නොමැති බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.මේ පිළිබඳ අල් ජසීරා පුවත්පතට තොරතුරු ලබා දුන් පුද්ගලයන් දෙදෙනාට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් අහිමි වී තිබෙන බවත් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ ආයෝජනය කිරීම පිළිබඳ ඔවුන් කණගාටු වන බවත් අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.
වයස අවුරුදු 30-40 අතර මධ්‍යම පන්තියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මෙම වංචාවට හසු වී තිබෙන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.
ඇතැම් පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන්ට නොදන්වා තම දේපළ විකුණා එම මුදල් මෙහි ආයෝජනය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.
එක් පුද්ගලයෙකු තම දේපළ විකුණා රුපියල් ලක්ෂ 22 ක මුදලක් ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර ඇති බවත් ඔහුට ආපසු ලැබී ඇත්තේ ලක්ෂ දෙකක මුදලක් බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.රට රැකියා වල නිරත වන ශ්‍රී ලාංකිකයන්ද ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර තිබෙන බව එම පුවත් සේවය පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් අහින්සක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු වංචාවක්. විමර්ශනයක් කරන්න.
ලක්ෂ 10න් දෙකයි ලැබුනේ. Cripto කියලා අපි රැවැට්ටුවා. සල්ලි හොයාගත්තෙ බැංකු ණයකින්.
මොවුන්ට තලන්න ඕනේ... මෙහෙම නෙමෙයි මොවුන්ගේ රෙදි ගලවන්න ඕනේ.. පණුවෝ ගහලා මැරෙන්නේ...
මේවටත් එක්තරා විදියට සමාජ මාධ්‍යත් වග කියන්න ඕනෙ. මොකද ඕනම බොරුවක් කට උල් කරලා කිව්වම ලොකු ප්‍රචාරයක් දෙනවනෙ.
අපේ රටේ ෂාක්ෂරතාවය ගොඩක් හොදයි කියල උදම් ඇනුවට වැඩිහරියක් ඉන්නේ රට මෝඩයෝ. පත්තරවල මෙවැනි වන්චාවන් ගැන නිතරම යනවා. ඒ උනාට මේ වගේ කපටියන්ට අහුවෙලා මුළු සේසතම නැතිකර ගන්නවා.
වැඩි ලාබයත්, වැඩි තන්හාවටත් ගියාට හොඳ වැඩේ.
Please provide original source link of al Jazeera.
මමත් අහූ උනා. කුරුණෑගල ශයාමල් බන්ඩාර කියලා කෙනෙක් තමයි ලන්කාවට ගෙනාවෙ. මේ ලගදිත් රෙකෝඩ් එකක් දාලා තිබ්බා ජනවාරි වල binance ලිස්ට් කරනව කියලා. තව Leaders ලා ඉන්නව. දෙවෙනියා ශාන්. ප්‍රසන්න සහ නාගම කුරුණෑගල හොදටම කරනව..
මේකෙ ටොප් ලීඩර් ශිප් එකේ ඉන්නේ රජයේ රැකියා කරන කීපදෙනෙක්...!
අපිත් අහු උනා ලක්ෂ 40ක් දැම්මා ජීවිත කාලේ පුරාම හම්බ කරපු සල්ලි..හම්බුනේ ලක්ෂ 2කයි..අපි ඉවරයි..මුන් ට වැහි නැති හෙන ගහන්නේ
කබරාල්ගේ අලුත් වැඩක්. පිරමිඩ් රජා කොතනද එතන මගඩියක්...අසුචි ගොඩක්. රාජපස්ස හොර පවුලයි ,ඔය මොලේ අමාරුකාරයාවයි කුඩුවට දමන්නේ කවුද ..? ඔහු හෝ ඇය කවුරු වුනත් මේ රටේ ජනාධිපතිකමට සුදුසුම කෙනා ඒ තමා.
මෙවගේ මෝඩ වැඩ කරන මිනිසු ගැන පත්තරවල දාන්නවත් හොද නෑ. තන්හාවට කරන මොඩ වැඩ.