IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා

(සුජිත් හේවාජුලිගේ)

දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු  රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව  සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත.

විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු දැනට විදේශයන්ට පලා ගොස් සිටින බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට ආධාර අනුබල දී ඇතැයි පැවසෙන මෙම රජයේ උසස් නිලධාරීන් එම ආක්‍රමිකතාවලින් තමන්ද යම් වාසි වරදාන ලබාගෙන ඇති බවත් කෝටි ගණනින් ඉඩම් වාහන ඇතුළු දේපළ මිලදීගෙන ඇති  නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳවද තොරතුරු අනාවරණය වන  බවත් විමර්ශන කණ්ඩායම් පවසති.

මෙම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද විමර්ශන කණ්ඩායම් මේ දිනවල කටයුතු කරමින් සිටිති. බාල බෙහෙත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ  වත්කම් සම්බන්ධයෙන්ද අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  විමර්ශනයක් ආරම්භ කර ඇත.



 

 



අදහස් (1)

ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා

fairoos Sunday, 29 June 2025 11:48 AM

ඔහොම යමු... දැන් බයියන් නහයෙන් අදින්න පටන් ගනී.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site