
(තිළිණි ද සිල්වා)
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවෙකු අයි.එස් ත්‍රස්තක්‍රියා වල නිරත වූ බවට අසත්‍ය චෝදනාවකට පැටලීමේ සිද්ධියට වරදකරු වූ ඕස්ට්‍රේලියානු ජාතිකයාට එරෙහිව එරට නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් වසර 4හමාරක සිර දඬුවමක් අද (05) නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ අර්සලාන් ක්වාජා නැමැති හතලිස් හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකුට එරෙහිවය.මොහු එරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන උස්මාන් ක්වාජා ගේ සොහොයුරෙකුද වේ.
චූදිත අර්සලාන් ක්වාජා නැමැත්තා 2018 වසරේ අගෝස්තු මාසයේදී නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි මොහොමඩ් නිසාම්දීන් නැමැති ලාංකික තරුණයා සමග ඇති වූ පෞද්ගලික තරහක් මත එම ලාංකික සිසුවා අයි.එස් ත්‍රස්ත ක්‍රියාවන් හී නිරත වූ අයෙකු බවට ඉතා කූඨ ලෙසින් අසත්‍ය චෝදානවට පැටලීමට කටයුතු කළේය.මෙම ලාංකික සිසුවා එරට මිතුරියක සමග පැවති මිත්‍රත්වය එම පෞද්ගලික තරහට හේතු වූ බව පැවසේ.
ඒවන විට එම සිද්ධිය ඕස්ට්‍රේලියා රජය හා එරට වැසියන් බියට පත් කළ සිද්ධියක් වූ අතර ලාංකික සිසුවා අයි.එස් ත්‍රස්ත ක්‍රියාකාරියෙකු ලෙසින්ද ඕස්ට්‍රේලියා මාධ්‍ය විසින් හංවඩු ගැසිනි.එම අසත්‍ය ත්‍රස්ත චෝදනාවට ලාංකික සිසුවා ඕස්ට්‍රේලියා පොලිස් බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වන තෙක් එම සිසුවාට මාස 6 කට වැඩි කාලයක් එරට අධි ආරක්ෂිත බන්ධනාගාරයක බන්ධනාගාර ගතව සිටීමට ද සිදුවිණී.
සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා පොලිස් බලධාරීන් සිදු කළ පරීක්ෂණ වලින් ලාංකික සිසුවා අසත්‍ය ත්‍රස්ත චෝදනා වලට පටලා ඇති බවට හෙලි වූ අතර ඉන්පසුව චූදිත අර්සලාන් ක්වාජා අත්අඩංගුවට ගනු ලැබිණි.
පසුව චූදිත අර්සලාන් ක්වාජාට එරෙහිව නිව්සවුත් වේල්ස් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ඔහුට එරෙහිව මෙම සිර දඬුවම් නියම කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කොමිසමක් දාන්නෙ නැත්තෙ මොකද?
ලංකාවටම වගේ බොරු චෝදනා කරන අයට කවදා නීතිය ක්‍රියා කරයිද?