
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමකදී නොමනා ලෙස හැසිරුණු බව කියන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ දෙදෙනෙක් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද පාර්ලිමේන්තු කමිටුව හමුවේ සමාව අයැද සිටියහ.
මේ අනුව එම දෙදෙනාගේ සමාව ඉල්ලීම කෝප් කමිටු සභාපති ෙෙවද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගන්නා ලදී.
ඉකුත් 2025 ඔක්තෝබර් මස 08 වැනිදා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමකදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ හැසිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.
මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරීන් අතරින් අයෙකු, තම ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු වන නිර්නායකයන්ගෙන් බැහැරව, එම අවස්ථාවට නුසුදුසු ආකාරයෙන් සැරසී රැස්වීමට සහභාගී වී සිටි බව කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලදී.
තවද, ඉහත නිලධාරීන් දෙදෙනා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ක්‍රියාපටිපාටියට පටහැනි අයුරින් සභාපතිවරයාගේ පූර්ව අවසරයකින් තොරව කාරක සභා රැස්වීමෙන් බැහැර ගොස් ඇති බව කාරක සභාව පවසයි
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයට අනුව, පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනාව යටතේ නිලධාරීන් දෙදෙනා 2026 පෙබරවාරි මස 17 වැනි දින ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැදවනු ලැබූහ.
එහිදී දෙදෙනා සිය හැසිරීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd