(තිළිණි ද සිල්වා)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගෘහසේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු සිය ඉන්දීය ජාතික හාම්පුතුගේ නිවසින් ඩිරාම් හයලක්ෂයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂකට වැඩි) වටිනා සුඛෝපභෝගී භාණ්ඩ තොගයක් රැගෙන එරටින් පළා ගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතික හාම්පුතු ඩුබායි පොලීසියට පැමිණිලි කර ඇති අතර මෙම සොරකම කළ ශ්‍රී ලාංකිකයා පිළිබඳ වෙනම පොලිස් පරීක්ෂණයක් ඉකුත් සතියේදී ආරම්භ කළ බව එම තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ වසරේ මාස කිහිපයකට පමණ පෙර මෙම ලාංකිකයා ඔහුගේ රැකියා වීසා බලපත් ඉක්මවා එරට රැඳී සිටියදී ඉන්දීය ජාතික හාම්පුතු සහ ඔහුගේ බිරිඳට හමුවී ඇති අතර ඔහු ගැන අනුම්කම්පා කොට මොහුව ඩුබායි හි අල් ගර්හුද් පිහිටි සිය සුඛෝපභෝගී නිවසේ අත් උදව්කරු වශයෙන් ගෘහසේවයට යොදා ගෙන ඇතැයිද වාර්තාවේ.
එලෙස සේවය කරමින් සිටි අතරවාරයේදී සැකකාර ලාංකිකයා ගේ මව අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඉකුත් ජූලි 22 වැනිදා ඔහුට ශ්‍රී ලංකාවට ගොස් යළි ඩුබායි ඒමට පවා මුදලින් උදව් කර ඇත.
ඉන්පසුව ඉකුත් ඔක්තෝබර් 28 වැනිදා මෙම ඉන්දීය යුවළ යුරෝපා සහ ඉන්දියාවේ සංචාරයකට එක්ව සිටි අතරවාරයේදී මෙම සොරකම සිදු කර ඇත. මාස දෙකකට පමණ පසු එම සංචාරය නිමවා ඉකුත් සතියේ තම වටිනා භාණ්ඩ රැඳවා අගුළු දමා තිබූ කාමරය කඩා බිඳ දමා තිබෙන අයුරු හාම්පුතු දැක පසුව ඒ ගැන එරට පොලීසියට දැනුම් දී පැමිණිලි කර ඇතැයි ද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
සොරකම් කළ ඩිරාම් හයලක්ෂයක් වටිනා භාණ්ඩ අතර ස්වර්ණාභරණ , ඩිරාම් 65,000 ක් පමණ වටිනා අත් ඔර්ලෝසු 8 ක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, ක්‍රෙඩිට් කාඞ් පත භාවිතා කරමින් ඩිරාම් 56,716 ක මුදලක්ද වන බවද එම හාම්පුතු ඩුබායි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම සොරකම් සිදු කල ලාංකිකයා මේවන විට ඩුබායි වලින් පළා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය වෙනම පරීක්ෂණ පවත්වාගෙන යන අතර එම පරීක්ෂණ අවසන් වූ වහාම සොරකම් කිරීමේ චෝදනාව යටතේ එම සැකකාර ලාංකිකයාට නඩු පවරනු ඇතැයිද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේවා අනන්තයක් වෙනවා... අපේ එවුන් අන්තිමට යනකොට ඉන්න තැනත් කාලා තමයි යන්නේ... ළඟදීම ලංකාව අයව තහනම් කරාවි අරාබි රටවල.. අපේ එවුන් හුඟක්ම කරන්නේ බැංකු වල ණය අරන් පොලු තියලා යනවා..
නියම ශ්‍රී ලාංකිකයෙක්. ආඩම්බරයි......
විශ්වාසය කඩකළ වසල මෝඝ පුරුෂයෙක්! රටේ ප්‍රතිරූපයට කාගෙද පිහිට?
මේකා සිංහලයෙක් නම් අනිවාර්යයෙන්ම නම ප්‍රසිද්ධ වෙනවා. නිසැකවම මේකා සිංහල නොවන නිසා පළවන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා.
ඔය කවුරු කෙසේකීවත් ඉන්දියානුවන් සත පහකට විශ්වාස කරන්න බැරි ජාතියක්. අත්දැකීමෙන් මේ කියන්නේ. මේක මේ ඉන්දියානුවාගේ වෙනත් උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. නඩුවට මොකද වෙන්නේ කියලා බලාහිඳිමු...
කරුණු කාරණා නොදැන හැමෝම ලාංකිකයාට දොස් කියනවා. කවුද දන්නේ ලාංකිකයව මරලා හංගලා බොරු රඟපෑමක් කරනවාද කියලා. පිටරටවල ඉන්න අය දන්නවා මොන රටේ හිටියත් ඉන්දියානුවන් තරම් අංචි අදින යටිකූට්ටු වැඩකරන ජාතියක් වෙන මේ ලෝකෙ නෑ කියලා. බිරිඳගේ අනියම් සම්බන්ධයක් අහුවීම වගේ සංවේදී කාරණාවන් මැදපෙරදිග බොහෝ ධනවත් ඉන්දීය කෝටිපතියන්ට සිදුවන සුලභ සිද්ධීන් බව එම රටවල වැඩකරන අයගෙන් ඇහුවොත් වැඩිපුර දැනගන්න පුලුවන්...
විදානෙ උන්නැහේ, සිංහලයා පැවතෙන්නේ රාවණාගෙන් කියලත් කියනවා නේද? විජය අමතකකරලා රාවණා ඉහළට ගන්න උත්සාහ කළොත් නරකද?
ධමම, මොහු ශ්‍රී ලාංකිකයෙක් කියලා පත්තරේ තියෙනවනේ. මට දරා ගන්න බැරි, වැරැද්දට අහුවුණේ සිංහලයෙක් නම් නම කියනවා. දෙමළ හරි වෙන ජාතිකයෙක් නම් ශ්‍රී ලාංකිකයෙක් කියන එකයි.
මේක සිංහල දෙමල මුස්ලිම් ප්‍රශ්නයක් නොමෙයි …. මෙතන වෙලා තියෙන්න නැතිකමට ඇති එකාගෙන් අවස්ථාව දුටු ගමන් හොර කම් කරපු එකයි. මේක ලෝකේ හැම රටකම වෙනවා. ඒවගේම කන්න නැතත් තමන්ට දීපු වගකීම අකුරට ඉටු කරන සිංහලයොත් , දමිලයොත්, ඉන්දියනුවොත් මගේ ඇස දෙකට දැකල තියෙනවා… ලංකාවේ අන්ත දුප්පත් කන්න බොන්න නැති ඉන්න තැනක් නැති ලාංකිකයෝ සිංහල සහ අනිකුත් පෙදෙස්වල ඉන්නවා.
මෙතන ගැටළු ගොඩක් තියෙනවා. වීසා කල් ඉකුත් වුන කෙනෙක් ව වැඩට තියාගෙන පස්සේ ලංකාවට ගිහින් ආපහු ආවලු. වීසා නැතිව හිටිය කෙනෙක් ට එහෙම නැවත ඇතුල් වෙන්න දෙනවා කියල මම නම් හිතන්නේ නැහැ. අඩුම ගානේ වසර 5ක් වත් තහනම් කරනවා. අනික මාස 2 ක සංචාරයක්? සංචාර වලට යද්දී ක්‍රෙඩිට් කාඩ් ගෙදර තියලා යනවා ද? මාස කීපයකට කලින් හදුනා ගත්ත කෙනෙක් එක්ක කෝටි ගානක් තියලා යනවා ද? ලංකාවේ කෙනාව සුද්ද කරනවා නොවේ. නිව්ස් එක දැක්කම එහෙමයි හිතුනේ.
රෝහණ, එයා සිංහල පත්තර කියවන්නෙ නැහැ වගේ. දෙමළ හරි මුස්ලිම් නම් කවදාවත්ම සිංහල පත්තරවල කෙළින්ම කියලා නැහැ, ශ්‍රී ලාංකිකයෙක් කියනවා මිසක. හැබැයි සිංහළ කෙනෙක් නම් මුළු වරිගෙම විස්තර හොයාගෙන නම්ගම් පිටින් පළ කරණවා.
මේකෙ පිළිගන්න අමාරු ගොඩක් දේවල් තියෙනවා. වීසා නැතිව කෙනෙක් වැඩට තියාගන්න එක ලොකු වරදක් ඩුබායිවල... හරි මොවුන් වීසා ගැහුවම කියලා හිතමු. එහෙම වුණා නම් විතරයි රටින් පිටවෙන්න පුළුවන් ලාංකිකයාට... ක්‍රෙඩිට් කාඩ් භාවිතා කළා නම් පින් නම්බර් එක කොයින්ද? අනික ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරද්දී ක්ෂණිකව මැසේජ් එක යනවා මොබයිල් එකට... එතකොට අයිතිකාරයට පුළුවන් ගනුදෙනුව නවත්තන්න බැංකුවට කෝල් කරලා...