IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකා හොස්පිටල්ස් අයි.වී.එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම පසු කරයි

ජාත්‍යන්තර කීර්තියට පත්, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා හොස්පිටල්ස් සිය රෝහල තුළ සිදු වූ 1500 වැනි IVF දරු උපත පසුගියදා සැමරීය. ලංකා හොස්පිටල්ස් රෝහලේ සාඵල්‍යතා මධ්‍යස්ථානය විසින් පසුගියදා රෝහලේදී පවත්වනු ලැබූ විශේෂ උත්සවයකදී මෙම නිවේදනය සිදු කෙරිණි.

“දැනට වසර 20 ක කාලයක් පුරා ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා ප්‍රතිකාරය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. දරුවන් අපේක්ෂාවෙන් පසුවන සිය ගණනක් පවුල්වලට අපේ සහය විශාල අස්වැසිල්ලක් වුණා. අපේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සමරන මේ මොහොතේදී ඊට හේතු සාධක වුණු අපේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ අති නවීන පරීක්ෂණාගාර සහ තාක්ෂණය මෙහිදී මතක් කළ යුතුමයි.” යැයි ලංකා හොස්පිටල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.

“ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය පැහැදිලිව පෙන්වා දෙනවා. ඉක්සි සහ ඉම්සි ක්‍රම හරහා පිළිසිඳ ගැනීමේ හැකියාව ඉතා ඉහළ බව සහ සාර්ථකව පිළිසිඳ ගැනීමට ඇති හැකියාව ඉතා ඉහළ බව අපි සනාථ කර තිබෙනවා.” යැයි ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සායනික කළලවේදී වෛද්‍ය මදාර රැළපනාව මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

“වෙනත් ක්‍රමවේද හරහා සාර්ථකව පිළිසිඳ ගැනීමට නොහැකි වූ යුවළවලට තිබෙන හොඳම විසඳුම අයි.වී.එෆ්. හෝ ඉක්සි ක්‍රම හරහා ඒ සඳහා උත්සාහ කිරීමයි. අනෙකුත් ක්‍රමවේදවලට සාපේක්ෂව මේ හරහා සාර්ථක වීමට ඇති අවස්ථාව ඉතා ඉහළයි. ඒ වගේම එයින් ලැබෙන ප්‍රතිලාභ අති විශාලයි.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ නේවාසික ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිශේන්ද්‍ර කරුණාරත්න මහතා පැවසීය.

අයි.වී.එෆ්. (IVF) නමින් හැඳින්වෙන කෘතිම සංසේචනයෙන් මඳසරු බව නිසා දරු සම්පත් ලැබීමට අපහසු විවාහක යුවල වෙනුවෙන් භාවිත කෙරෙන සාර්ථක ක්‍රමවේදයකි.

අයි.වී.එෆ්. (IVF) ක්‍රමවේදයට අමතරව ලංකා හොස්පිටල් සාඵල්‍යතා මධ්‍යස්ථානය ඉක්සි තාක්ෂණය සහ ඉම්සි තාක්ෂණය නමින් හැඳින්වෙන මඳසරු බව සඳහා යොදා ගන්නා අනෙකුත් දියුණු ප්‍රතිකාර ක්‍රමවේද සඳහාද ප්‍රතිකාර මධ්‍යස්ථානයකි.

595

 



අදහස් (0)

ලංකා හොස්පිටල්ස් අයි.වී.එෆ්. (IVF) දරු උපත් 1500 කඩඉම පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site