
(අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් වලට ආධාර සහ උපකාර සැපයීමට ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වූ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ආරක්‍ෂක අංශ ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ.
වසර 100 කට පමණ පසු යුරෝපයේ සිදුවූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස මෙය සදහන් වේ.
තුර්කි බලධරීන් පවසන අන්දමට තුර්කියේ මේ වනවිට පුද්ගලයන් 35,418 මියගොස් ඇති අතර සිරියාවේ 5800 කට වැඩි පිරිසක් මියගොස් ඇත.
විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද සාකච්ඡාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කියට දැනටමත් අධාර ලොකු රටවල්වලින් ක්‍රමානුකූලව පිළිවෙළට ලැබෙමින් පවතිනවා. අතේ පිච්චියක් නැති ලංකාවේ හමුදාවක් එහෙ යැව්වාම උදව් කරන එක පැත්තක තියලා කෑමවේල හොයාගන්න හිඟමන් යදින්න වෙයි...
ලොක්කා බබා හම්බවෙලා දැන් ඉස්කෝලෙ යනවා... පැම්පර්ස් අන්දන්න දැන් යන්න ඕනෙ නැහැ..
ලංකාවේ තවම සාකච්ඡා, ඡන්දෙ තියාගන්නවත් සල්ලී නැහැ කියලයි කියන්නේ? පෙබරවාරි 6 වැනිදා ඇතිවූ භූමිකම්පාවට මේ වෙනකොට ලෝකෙම ආධාර, උදව් ලැබිලා තියෙනවා. තවමත් ආධාර කරනවා...
තුර්කිය ගැන කලබල වෙන්න එපා... දියුණු රටවල් ඒ අයට හොඳට උදව් කරනවා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී වෙන රටවල්වලට උදව් දෙන්න හදනවා. රටේ මිනිස්සුන්ට මන්දපෝෂණේ නිසා කන්න නැහැ...