IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහලට ඔසවා තැබීමේ සහ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් වර්ධනය කිරීමේ අරමුණින්, මෙරට විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමට යෝජිතව ඇත. එම අවබෝධතා/සහයෝගීතා ගිවිසුම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ සහ සම්පත් නිරීක්ෂණ හා විදේශ දෙපාර්තමේන්තුවේ නිර්දේශ වලට අනුකූලව සකස් කරනු ලැබ තිබේ. 

ඒ අනුව අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහභාගීත්වයන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ආවරණ අනුමැතිය සඳහා  අධ්‍යාපන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



අදහස් (0)

ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site