IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකා සතොසට කෝටි 1500ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

එම ආයතනය 2022 වසරේදී පමණක්  ලැබූ පාඩුව රුපියල් කෝටි හැටක් බව කෝප් කමිටුව සඳහන් කළේය

ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී  රුපියල් කෝටි 600 ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන්ද  කෝප්  කමිටුවේදී  දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මනුෂ්‍ය පරිභෝජනයට ගෙන ආ සහල් තොග කල් ඉකුත් වීම හේතුවෙන් සත්ව ආහාරවලට විකිණීම නිසා මෙම  පාඩුව සිදුවී තිබූ  බවද එහිදී ප්‍රකාශ විය.

මේ අනුව ඉදරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව තීරණය කළේය.
            
ලංකා සතොසට ගැලපෙන ව්‍යාපාර ආකෘතියක් සකස් කර ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව කමිටුවඑහිදී  පෙන්වා දුන්නේය.

ලංකා සතොස ආයතනයේ කාර්ය සාධනය විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.  මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ලංකා සතොස ආයතනයට  2021-24 ට අදාල සංයුක්ත සැලැස්මක් තිබුණද ඊට අමාත්‍යාංශයේ අනුමතිය ලබා ගෙන නොතිබීම සම්බන්ධයෙන්ද  මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව 2028 දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර  මාස 2 ක් තුළ එහි කටයුතු පිළිබඳව  කරුණු වාර්තා කරන ලෙස  කමිටු සභාපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේම ඊට සමගාමීව ක්‍රියාකාරී සැලැස්මක්ද සකස් කරන ලෙස උප‍දෙස් දුන්නේය.

සහල් ගෙන්වීමේදී රුපියල් කෝටි 600 ක පාඩුවක් සිදුවීම වෙනම සාකච්ඡා කිරීමටද කමිටුව තීරණය කළේය.

ලංකා සතොස ආයතනය ආනයනය කළ   භාණ්ඩ විකිණීම වෙනුවට පිටකොටුවෙන් භාණ්ඩ මිලදී ගෙන විකිණීම හේතුවෙන්  පාරිභෝගිකයාට අඩුමිලට භාණ්ඩ විකිණීමට මෙන්ම ආයතනයට වැඩි ලාභයක් ලබා ගැනීමට ඇති හැකියාව මගහැරී ඇති බව කමිටුවේදී සාකච්ඡා විය. 

තවද රජය ගන්නා  ප්‍රතිපත්ති තීරණ මත භාණ්ඩ ආනයනය කළද ඒවාට මුදල් ලැබීමේ ප්‍රමාදය නිසා සිදුවන අලාභය පිළිබදවද මෙහිදී නිලධාරීහු කරුණු පැහැදිළි කළහ.

අභ්‍යන්තර පාලන දුර්වලතා මෙන්ම බාහිර මැදිහත්වීම්වලින් තොරව  ස්වාධීනව තීරණගත හැකි ව්‍යාපාර මොඩලයක් යටතට මෙම ආයතනය පත්කිරීමේ අවශ්‍යතාව මෙහිදී විගණකාධිපතිවරයාද පෙන්වා දුන්නේය.

එසේම  පාරිභෝගිකයන් ලංකා සතොස  වෙළෙඳසල් වලට  වැඩි වශයෙන්  ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවද කමිටුවේදී අවධාරණය කෙරිණ

එසේම ආයතනයේ සේවක පුරප්පාඩු  1123 ක් පවතින බවටද  තොරතුරු  හෙළිදරව් විය.

එසේම ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන්  අගෝස්තු මස 22 වැනිදා නැවත කැඳවීමටත් තීරණය කෙරිණ.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහින්දානන්ද අළුත්ගමගේ,  දයාසිරි ජයසේකර,  නිමල් ලාන්සා, ජයන්ත සමරවීර,  එස්. එම් . එම් මුෂාරෆ් , එස්.එම් මරික්කාර්,  සංජීව එදිරිමාන්න,  ෂානක්කියන් රාසමානික්කම්, මධුර විතානගේ සහ  මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (2)

ලංකා සතොසට කෝටි 1500ක පාඩුවක්

සුපුන් Wednesday, 28 June 2023 12:26 PM

මේ රටේ තිබෙන තවත් කාලය නාස්තිවෙන කමිටුවක් තමයි කෝපා කමිටුව කියන්නේ... හැමදාම මීඩියා එක ඉස්සරහ අරකෙන්, මේකෙන් මෙච්චර හොරකම් කරලා කියලා ලොකු කතා අවුරුදු ගාණක ඉඳන් කියනවා. කවුරුත් දැකලා තියෙනවාද කෝපා එකෙන් කරපු කිසිම හෙලිදරව්වක් ගැන... මේ රටේ කිසිම පුද්ගලයෙක් දඬුවම් විඳලා තියෙනවා...

:       0       6

පැරකුමි Wednesday, 28 June 2023 03:51 PM

මමත් ඉතිං කාලයක් තිස්සේ කියනවා... කාලයත්, ශ්‍රමයත්, අපේ බදුසල්ලිත් නිකරුනේ නාස්ති කරන ඔය විකාර වැඩේ නවත්තලා දාන්න කියලා. නවත්තන්නේ නැත්තේ ඒ ගොල්ලන්ට වෙන වෙන වාසි ඇති...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site