(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55 කින්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්, කඩල (ජම්බෝ) කිලෝවක මිල රුපියල් 16 කින්, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක මිල රුපියල් 15 කින්, කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්, පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්, ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් සහ සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරයි.
ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක වන මිල රුපියල් 495 ක් ද, රතු ලූනු කිලෝවක නව මිල රුපියල් 290 ක් ද, කඩල (ජම්බෝ) කිලෝවක නව මිල රුපියල් 494 ක් ද, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, කිරිපිටි ග්‍රෑම් 400 නව මිල රුපියල් 925 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, ආනයනික බිත්තරයක නව මිල රුපියල් 36 ක් ද, සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රුපියල් 192 ක් ද, සෝයා මීට් කිලෝවක නව මිල රුපියල් 593 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස භාණ්ඩ 9ක මිල අඩු කරයි
sk Tuesday, 02 April 2024 05:02 PM
හා හා හොරේ දැනුණා ඡන්දයක් ලග එනවා.
Avuruduvasi Tuesday, 02 April 2024 05:06 PM
සතොස ප්‍රවාහන අංශයේ බලවත් පාඩුවක් තියෙනවා කියමින් භාණ්ඩ අඩුවෙන් දුන්නම ප්‍රවාහන අංශයේ පාඩුව භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා නේද? ඒ කියන්නෙ එක අතකින් අරගෙන අනෙක් අතින් දෙනවා වගේ කියලා හිතන්නේ නැද්ද?
නුවන් Tuesday, 02 April 2024 07:35 PM
ඡන්දේ ළඟයි... ඒත් දිනුම දුරයි..