(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (20) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
සෝයාමීට් කිලෝවක මිල රුපියල් 45 කින්, අර්තාපල් කිලෝවක මිල රුපියල් 40 කින් , හාල්මැස්සො කිලෝවක් රුපියල් 30 කින්, සුදු ලූනු කිලෝවක් රුපියල් 25 කින්, ලොකු ළූණු කිලෝවක් රුපියල් 15 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 6 කින් අඩු කළ බව සඳහන් කරයි.
ඒ අනුව සෝයාමීට් කිලෝවක නව මිල රුපියල් 580 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 290 ක් ද, හාල්මැස්සො කිලෝවක නව මිල රුපියල් 1,100 ක් ද, ලූනු ලූණු කිලෝවක නව මිල රුපියල් 620 ක් ද, ලොකු ළූණු කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 299 ක් ද, බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගණන්වලට ගමේ කඩෙනුත් ගන්න පුළුවන් කොට සතොසේ පෝලිමේ යන්න පිස්සුයැ. බලන්න සතොසේ සුදු ළූණු රුපියල් 620/= යි. ගමේ කඩේ ඉතාමත් පිරිසිදු සුදු ළූණු 540/= ලංකා අල සතොසේ රුපියල් 290/= වෙද්දී ගමේ කඩේ 270/= තියෙනවා.. ඉතින් කොහොමද අඩුකලා කියන්නේ?