(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම මිල අඩු කිරීම මේ මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ලංකා සතොස පවසයි.
රුපියල් 175 ක්ව පැවැති ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 25 කින් ද, රුපියල් 285 ක්ව පැවැති සුදු සීනි කිලෝවක් රුපියල් 7 කින් ද, රුපියල් 429 ක්ව පැවැති රතු පරිප්පු කිලෝවක් රුපියල් 14 කින් ද, අඩු කළ බව සතොස සඳහන් කරයි.
රුපියල් 185 ක්ව පැවැති ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 6 කින් සහ රුපියල් 194 ක්ව පැවැති ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 9 කින් ද, අඩුකර තිබේ.
ඒ අනුව ලංකා සතොස ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 150 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 278 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 415 කට, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179 කට සහ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 185 කට මිලදී ගතහැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සතොසේද ඔය බඩුගන්න තියෙන්නේ? කෑගල්ලේ සතොසේ නම් ඕවා කවදාවත් මිලදී ගන්න නැහැ. කොයිවෙලේ ගියත් බඩු ඉවරවෙලා තිබුණු වෙලාව දන්නේ වැඩකරන අය පමණයි.
මිල පහතට දැමූ භාණ්ඩ මිලට ගන්න තියෙනවද? විහිලු කරන්න එපා...
ඔය කියන දේවල් ගන්න සතොසේ නැහැ. මිනිස්සු රවට්ටන්න ගණන් අඩුකරලා දැම්මාට ගන්න බඩු තියෙන්න ඕනේ... කඩවත අවට නම් කොයි සතොසෙත් නැහැ. කොහේහරි තියේනම් කියන්න... අපිත් ගන්න බලාගෙන ඉන්නවා..