(රංජන් කස්තුරි)
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදීමට යෝජනා කළ උප සභාපතිධූරය තමා ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය සැළකිල්ලට ගෙන විදේශගත වීමට තමාට නොහැකි බවද ඇමැතිවරිය කීවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටුවේ රැස්වීම සඳහා තමාට විදේශ ගත වීමට නොහැකි හෙයින් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යැවූ බවද ඇමැතිවරිය කීවාය.
ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවිය යුතු උප සභාපතිධූරය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට ලැබෙනු ඇතැයි ද ඇමැතිවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි විශ්වාස කළා.
ලැබෙන ගාන මදි ඇති මගේ හිතේ.
ඒවාට ගියාම ඉංග්‍රිසියෙන් කතා කරන්න තියෙනවා. මිලියන බිලියන ගණන් ඉලක්කම් කියවන්න තියෙනවා. නොගිහින් ඉන්න එක ඇගට ගුණයි.
තමාගේ නුසුදුසුකම තේරුම් අරගෙන ගැලපෙන පුද්ගලයකු යැවීම ගැන සතුටු වෙමි...
ආපෝ මෙයා කොහොමද ඒකට හරියන්නේ...? මෙයා හොඳයි බෙරිහන් දෙන්න.
මොනවා වුණත් දත් දොස්තරට වඩා නම් හොඳයි..ඉංග්‍රීසි කතාකරන්න දන්නේ නැතිව ඇති. ඒත් මිනිහෙක්ට කතා කරන්න දන්නවනේ...
ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙන නිසා වෙන්න ඇති...
මෙයාට තරම් සුදුසුකම් ඇති කෙනෙක් හිටියේ නැතුව ඇති...
බොරු ටෝක්. හරියට සෞඛ්‍ය ගැන දන්නා කෙනෙකුට මිස උඩු යටිකුරු කරන කට්ටියට එතැනට ගිහිල්ලා කරන්න වෙන්නේ දත් තිස්දෙක පෙන්නලා එන්න විතරයි.
අපේ රටේ හැමකෙනාම මෙයාව ආදර්ශයට අරගෙන ජීවත්වෙනවා නම් මේ රට මෙලහට දියුණුවෙලා ගොඩක් කල්... දැන් ඉඳලාවත් මෙයාව ආදර්ශයට ගමු. මම කියන්නේ කරන්න බැරි දේවල් බාරනොගෙන පුළුවන් කෙනෙක්ට කරන්න දෙමු.
අම්මට සිරි ගජ..
මහින්ද පැරදුණොත් ඉන්නගේත් දෙනවයි කියපු කෙනානේ..., මෙයාගේ කතා විශ්වාස නොකර පුළුවන්ද?
මෙතුමියත් සමග කට්ටිය හරි හරියට ඉංග්‍රීසියෙන් කතාකරලා වගේ තවකෙනෙකුගේ උගත්කම හොයනවට වඩා තමන්ගේ දැනීම වර්ධනය කරගැනීම වැදගත් කියලයි මට හිතෙන්නේ ..
අනේ මන්දා යෝජනා කළා කියනකොට... කෙසේවෙතත් මෙම ස්ත්‍රිය එම තනතුරට සුදුසුද? නැද්ද? යන්න තමන් විසින්ම තීරණය කිරීම පිළිබඳව අප අගයන්නෙමු...
එ්ක හොඳයි. අර එක්කෙනෙක් කොරෝනා වෛරසේ ගැන මාධ්‍ය සාකච්ඡා තියලා අනාගන්න යනවා වගේ... ඔය සෞඛ්‍ය සම්මේලනවල ගිහින් උඩබලන් ඉඳලා වැඩක් නැහැ. එහෙම වුණාම ආපසු ඇවිත් මාධ්‍යවලට වුණත් කියන්නේ ආගිය විස්තර, කාපු බීපුවාගේ විස්තර, නැතිනම් අතරමගදී දැකපු දේවල්වල විස්තර. දිගටම ඒ ඒ වැඩ ඒ ඒ අංශවල දැනඋගත් ප්‍රවීණයින්ට කරගෙන යන්න ඉඩ දෙනවා නම්, රට දියුණුවෙයි ඉබේම...
"මට කියා දෙන්නකෝ" කියලා ක්‍රම සම්පාදක ඇමති විදියට මෙහෙ පත් කරනකොට චන්ද්‍රිකාට කිව්වාට කාට කියන්නද?
මෙහෙම වෙච්චි එක හොඳයි. මෙයා කට ඇරියොත් වක්කඩක් කඩා ගියා වගේ.
ලෝක සංවිධානේ දන්නේ නැතිද? මේ මොලේ හැඳි මිටේ දිගටත් වඩා අඩුයි කියලා...
එකෙක් මාරු වෙනකම් ඉඳලා තියෙන්නේ... හොර කල්ලිය මාරුවෙන් මාරුවට බෙදාගන්නවා.