(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල අද (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි.
පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණි.
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 700 ක් වෙයි
NAMAL Thursday, 21 December 2023 04:19 PM
මහාජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා !
dhamneth Thursday, 21 December 2023 04:25 PM
ජනතාව අත මුදල් නැතිනම් කොහොමද මේ අධික මිලකට මිලදී ගන්නේ? 70-77 කාලයේදී ලොකු ළූණු, පරිප්පු ඇතුළු ආහාර වර්ග රාශියක් ලංකාවට පිට රටින් ගෙනාවේ නැහැ. අධික ලාභ ලබන්න බිත්තර වගේ සමහර කෑම වර්ග ටික කලකට මිලදී නොගෙන සිටිනවා නම් මිල අඩුකරන්න සිදුවෙනවා.
Dayalayn Thursday, 21 December 2023 04:48 PM
කන්න නැතත්... ඉන්න රටක් ඕනෑ. බඩ ගැන නොසිතා රට ගැන සිතලා ඡන්ද දෙන්න කියලා කිව්වා නේද? දැන් ඉතිං කන්නත් නැහැ. ඉන්න රටකුත් නැහැ. දරුවන්ට අනාගතයකුත් නැහැ...!
බද්රානි Thursday, 21 December 2023 05:27 PM
අර ඒ කාලේ වේදිකා උඩ නැගගෙන රුපියලකින් දෙකකින් භාණ්ඩයක මිල වැඩි වුණාම, "ළඟදී ළූණු කෑවාද, මිරිස් කෑවද" කියලා අහපු අප්පච්චි දැන් මේ රටේ බබාලාගෙන් එහෙම අහන්නේ නැද්ද..? දේශප්‍රේමේ ඉහට ගහලා සියලු දේ කාබනික පොහොර යොදාගෙන වගාකරගෙන කනවා කියලා උඩ පැනපු මෝඩ නරි රැල දැන් වැඩි සද්දයක් නැහැ නේද..? සමහරක් නංගි බබාලා කටුවලින් ඇනගෙනත් උඩ පැන්නා... රට රකින විරුවා ඇවිත්, හොඳටම කෙරුවා... ඒ නිසානේ දැන් කන්න නැතත් යක්ඛ පුතුන්ට හා යක්ඛ දියණියන්ට ඉන්න රටක් තියෙන්නේ බොලව්....! ඒකීය රටක් ඇතුලේ "සිංහ ළේ ජාතිය" සැපෙන් සනීපෙන් ජීවත් වෙනකොට කාටද ආඩම්බර..?
Hafeel Thursday, 21 December 2023 05:47 PM
ඒ තොත්ත බබා තමයි අය වැයටත්.., වැට් බදු ඉහළ දාන්නත් පාර්ලිමේන්තුවේ ඡන්දයත් දීලා, දැන් එළියට ඇවිත් ජනතාව මුලා කරන්න කියන්නේ වැට් බදු වැඩිකිරීමෙන් ජනතාව පීඩාවට පත් කරනවා කියලා...!
de silva Thursday, 21 December 2023 09:49 PM
හොරු පස්සේ යන බයියෝ තවත් ඉන්නවා
Kumara Thursday, 21 December 2023 11:30 PM
මයිනා ලොකු ලූනු බෙදනවාලු නොමිලේ
auuc Ukwaththa Wednesday, 13 March 2024 05:37 AM
හෙනම ගහපිය