
(ටී.කේ.ජී.කපිල)
තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්‍ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 20 වැනි දින සිට 22 දින දක්වා පැවැත්විණි.
එහිදී මීටර් 400 × 4 සහාය දිවීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කාලිංග කුමාර , අරුණ දර්ශන , පසිදු කොඩිකාර සහ දිනුක දේශාන් ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානය පත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි
එසේම මීටර් 400 × 4 මිශ්‍ර සහාය ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ අරුණ දර්ශන , පසිදු කොඩිකාර , සයුරි මෙන්ඩිස් සහ නදීශා රාමනායක එම තරගයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා මීටර් 100 × 4 පිරිමි කණ්ඩායම සහ මීටර් 100 × 4 කාන්තා කණ්ඩායම සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් මවු රනින් සැරසූ ලක් දරුවෝ දිවයිනට
රංබොඩ Thursday, 23 May 2024 09:37 AM
හෙළ දරුවන් ට ජාතියේ ප්‍රණාමය !