
(විමුක්ති එස් රුද්‍රිගු)
මාස්ටර් කාඩ් මූල්‍ය සේවා සමාගමේ හිටපු විධායක නිලධාරියකු වන අජේ බන්ගා ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇත.වත්මන් සභාපති ඩේවිඩ් මැල්පාස් ගේ ධුර කාලය ජූනි මස පළමු වැනිදා අවසන් වීමට නියමිත අතර අජේ බන්ගා ගේ ධුර කාලය ජූනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතය.ලෝක බැංකු සභාපතිවරයකුගේ ධුර කාලය වසර 5 කි.
අජේ බන්ගා, 63 හැවිරිදි ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකන් පුරවැසියෙකි. ලෝක බංකු සභාපති ධුරය සඳහා අජේ බන්ගාව යෝජනා කරනු ලැබුවේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසිනි.
අජේ බන්ගා නව ලෝක බැංකු සභාපති ධුරය සඳහා යෝජනා වූ එකම අපේක්ෂකයාද විය. අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ප්‍රථම එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩලය පැය හතරක කාලයක් ඔහුව සම්මුඛ පරීක්ෂණයකට ලක් කර ඇත.අනතුරුව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජියකයන් 25 දෙනාගෙන් 24 දෙනෙක් අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට පක්ෂව ඡන්දය ලබා දී තිබේ. රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් ඔය වගේ කෙනෙක් පත්කර ගන්න යටින් ගේම්ස් එක දීලා ඔන්න අපි ඉතාමත් සාධාරන විදිහට සුදුස්සා පත්කළා කියලා පම්පෝරි ගහලා තමන්ට කඩේ යන හොරිකඩ පන්දමෙක් පත්කර ගනීවි..
අනේ ලෝකේ හොඳම මුදල් ඇමති බිහිවුනේ ලංකාවෙන් රවී කරුණානායක. ඔහුව පත් කරගන්න පුළුවන් නම්, ලංකාවේ මහ බැංකුව කඩපුවා වගේ, ලෝක බැංකුවත් කඩල හරි රටට ඩොලර් ගෙන්න තිබුනා.