(විමුක්ති එස් රුද්‍රිගු)
මාස්ටර් කාඩ් මූල්‍ය සේවා සමාගමේ හිටපු විධායක නිලධාරියකු වන අජේ බන්ගා ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇත.වත්මන් සභාපති ඩේවිඩ් මැල්පාස් ගේ ධුර කාලය ජූනි මස පළමු වැනිදා අවසන් වීමට නියමිත අතර අජේ බන්ගා ගේ ධුර කාලය ජූනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතය.ලෝක බැංකු සභාපතිවරයකුගේ ධුර කාලය වසර 5 කි.
අජේ බන්ගා, 63 හැවිරිදි ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකන් පුරවැසියෙකි. ලෝක බංකු සභාපති ධුරය සඳහා අජේ බන්ගාව යෝජනා කරනු ලැබුවේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසිනි.
අජේ බන්ගා නව ලෝක බැංකු සභාපති ධුරය සඳහා යෝජනා වූ එකම අපේක්ෂකයාද විය. අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ප්‍රථම එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩලය පැය හතරක කාලයක් ඔහුව සම්මුඛ පරීක්ෂණයකට ලක් කර ඇත.අනතුරුව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජියකයන් 25 දෙනාගෙන් 24 දෙනෙක් අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට පක්ෂව ඡන්දය ලබා දී තිබේ. රුසියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්
C.K.Lankaputhra Thursday, 04 May 2023 02:06 PM
ලංකාවේ නම් ඔය වගේ කෙනෙක් පත්කර ගන්න යටින් ගේම්ස් එක දීලා ඔන්න අපි ඉතාමත් සාධාරන විදිහට සුදුස්සා පත්කළා කියලා පම්පෝරි ගහලා තමන්ට කඩේ යන හොරිකඩ පන්දමෙක් පත්කර ගනීවි..
Hafeel Thursday, 04 May 2023 02:22 PM
අනේ ලෝකේ හොඳම මුදල් ඇමති බිහිවුනේ ලංකාවෙන් රවී කරුණානායක. ඔහුව පත් කරගන්න පුළුවන් නම්, ලංකාවේ මහ බැංකුව කඩපුවා වගේ, ලෝක බැංකුවත් කඩල හරි රටට ඩොලර් ගෙන්න තිබුනා.