
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසු ව මෙම නව පත් කිරීම සිදු කෙරිණි.
මෙරට රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශය තුළ ද කීර්තිමත් වෘත්තිකයෙකු වන රත්නායක මහතා, බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, තාක්ෂණ, සංචාරක සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ ව මනා පළපුරුද්දකින් යුක්ත ය. රත්නායක මහතා වර්තමානය වන විට KBSL (Pvt) Ltd සහ Agility Innovations (Pvt) Limited යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ජයම් විජේරත්නම් භාරයේ සහ ඩයලොග් පදනමේ භාර කරු ලෙස ද කටයුතු කරයි.
ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති රත්නායක මහතා, ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ ඩයලොග් ආසියාටා යන සමාගම්වල සමූහ ප්‍රධාන ආයතනික නිලධාරීවරයා ලෙසත්, ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ IBM ශ්‍රී ලංකා හි මෙරට සාමාන්‍යාධිකාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත.
ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙස ද, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති රත්නායක මහතා, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
රිවර්සයිඩ් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා බැංකු මුල් පුටුව කාවන් රත්නායකට
Lakmal Thursday, 14 March 2024 07:08 PM
එකම සුදුසුකම ජනාධිපති ආර්යාව වීම...
SanathFriday, 15 March 2024 08:42 AM
ආර්යාවගේ සහෝදරයා වීම
Prabha Thursday, 14 March 2024 08:47 PM
මහින්ද සිරිලියගේ මාලිමාව ශ්‍රී ලංකන් එකේ සභාපති කළා වගේ තමයි.
NissanakaFriday, 15 March 2024 08:43 AM
මාලිමාව නෙවෙයි. සිරිලියගේ මල්ලිව.
Lankaputha Friday, 15 March 2024 01:46 AM
සාගල රත්නායකගේ සහෝදරයා...
Chinthaka Friday, 15 March 2024 02:19 AM
වයන්න ඉවත්කර ප යන්න ආදේශ කර අගට තියෙන ට යන්න ලොප් කළොත් බැංකුවට අබ සරණයි..!
Kazi Shajahan Friday, 15 March 2024 07:57 AM
තව ටික දවසයිනේ ඉන්නේ... ඒක නිසා හොඳටම සුද්දයක් දෙයි අයියා, මලෝ ටික... මේක නැතිකරලාම යයි...
Kumara Friday, 15 March 2024 08:41 AM
සාගල රත්නායකට කරන්න බැරි දෙයක් නෑ
අරවින්ද මොනරවිල Friday, 15 March 2024 10:27 AM
ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වැඩිය ලොකුයි