ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් පියවර නොගතහොත් ඔවුන් අමාරුවේ දැමීම සඳහා තමන් ඇතුළු පරිසර ක්‍රියාකාරීන් පිරිස නිසැකවම පියවර ගන්නා බව ග්‍රේටා තන්බර්ග් කියයි. ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතාවකදී, පරිසර ලෝලීන් පිරිසක් අමතා ඇය එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි පිරිස ඔල්වරසන් දුන්හ.
තවමත් 16 හැවිරිදි වියේ සිටින ග්‍රේටා තන්බර්ග් පවසන්නේ ලෝක නායකයන් තමන්ගේ වගකීමෙන් පළා යමින් සිටින බවයි. වසර 2020 ක්‍රියාකාරී වර්ෂයක් විය යුතු බවද ඇය කීවාය. ‘අනාගතය වෙනුවෙන් සිකුරාදා’ යන්න තේමා කරගනිමින් ඉතාලියේ ටියුරින් නුවරදී පැවැති විරෝධතා රැළියකදී ඇය මෙසේ කීවාය.
ස්වීඩන් ජාතික දැරියක වන ග්‍රේටා තන්බර්ග් ටියුරින් වෙත පැමිණියේ ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවකට සහභාගි වීමෙන් පසුවය. එහෙත් එම සමුළුවෙන් පලක් නොවන්නේ යයි තමන්ට බියක් ඇති බවත් ඇය කීවාය.
“අවාසනාවට වගේ...ඒකේ අවසාන ප්‍රතිඵලය කුමක්ද කියා අපි දැනටමත් දන්නවා. ලෝක නායකයන් තවමත් තම තමන්ගේ වගකීම් වලින් පළා යමින් සිටිනවා...ඒත් ඔවුන්ට ඒ දේ කරන්නට ඉඩ නොතැබීමට අප වගබලාගත යුතුයි” යයිද ඇය කීවාය.
දින කිහිපයකට ඉහතදී 2019 වසරේ විශිෂ්ටතම පුද්ගලයා ලෙසින් සුප්‍රකට ‘ටයිම්’ සඟරාව විසින් ග්‍රේටා තන්බර්ග් නම්කරන ලදි.
“මේ ප්රශ්නය (ගෝලීය උණුසුම ඉහළ යාම) පටන් ගත්තේ අපි නෙවෙයි. ඒ නිසා වැඩිහිටියන් විසින් ආරම්භ කරන ලද මේ ප්රශ්නය ඔවුන්ම විසඳන්න ඕනේ... ඒක අපි වෙත පැවරීම සාධාරණ නෑ”
“වැඩිහිටියන් හැසිරෙන්නේ හෙට කියලා දවසක් නෑ වගේ...ඒත් හෙට කියලා දවසක් තියෙනවා. ඒක තරුණ පරම්පරාව වන අපටයි. හෙට දවසේ ජීවත් වෙන්නේ අපියි....ඒ වෙනුවෙන් සටන් වැදීමට අපට සිදුවෙලා තියෙනවා”
“හෙට කියන දවස දෙන පලියට බාරගන්න අපට බෑ” යයිද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අනාගත පරපුරට ගෙවන්න තියෙන ණය දැක්කාම ඇග හීතලවෙලා යයි. ගෝලීය උෂ්ණත්ව ඒ තරම්ම ගැටලුවක් වෙන එකක් නෑ.
ඕනෑම දෙයක් කරන්න කාලයක් යනවා. මෙයා මේ නිකන් තරුවක් වෙන්න දඟලන මානසික ලෙඩක් තියෙන කෙනෙක් වගේ...
ලෝකයේ පුද්ගලයින් වර්ග දෙකක් ඇත. සම්ප්රදාය රැකගනිමින් ජීවත්වන පිරිස සහ සම්ප්‍රදායට එරෙහිව අරගල කරමින් දඟලන පිරිස වශයෙනි. ලෝකය දියුණු වන්නේත් ඉදිරියට යන්නෙත් දෙවනුව කී පිරිස නිසාය - ජෝජ් බර්නාඩ් ෂෝ
ලොව වටා සිටින තරුණ තරුණියන් ලක්ෂ ගණන් ඔබ වඩා එක්රැස් වන බව මම හොඳින්ම දනිමි.ඔබ ඇමෙරිකාවට ගිය වෙලාවේ එක රැලියකට 32500ක සෙනගක් එකතුවුනා.ඔබව අවුරුදු 2 ම නොබෙල් සම ත්‍යාගයට යෝජනාවුනා මේ වසරත් ඇතුළුව. ඒවගේමයි ඔබට ලැබුන පරිසර සම්මානය සමග ලැබුන මුදල් ඔබ ප්‍රතික්ෂේප කළා.ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතා ඔබට කිවේ " ග්‍රේට මමත් ඔබ සමගයි..."කියලා.ඔබ වැනි දුවරුන් පුතුන් තව තවත් මේ ලෝකයට අවශ්‍යම මොහොතයි මේ...තව අවුරුදු 11 න පමණ ඇතිවන පරිසර විනාශයෙන් ලෝකය එහෙම පිටින්ම විනාශ වෙන්නේ නැහැ.නමුත් අපි ඉක්මන් නොවුනොත් ඒ පරිසර " දාම විනාශය " තව අවුරුදු 11න් පසු " ආපස්සට හරවන්න බැරි වෙනවා.මේ වසරේදීම ග්ලැසියර කීයක් " මිය ගියාද.. නමුත් දියුණුයි කියන රටවල් වල පාලකයින් හිතන්නේ තම රටේ ආර්ථිකයේ කැපිටාල් ඒක ගැන පමණයි. පසුගිය සතියේදී ටයිම් සඟරාව ඔබව 2019 වසරේ විශිෂ්ටම පුද්ගලයා ' ලෙස නම් කළා.මේ ලෝකය මරණයෙන් මුදාගැනීමට ඔබට දිරිය ශක්තිය නොමදව ලැබේවා ආදර දියණියනි...!!!
නියම මග පෙන්වීමක් ලැබිච්ච දක්ෂ දරුවෙක් - අපේ රටෙත් ඉන්නවා මේවගේ දක්ෂ දරුවන් නමුත් එයාලා පහේ පන්තියේ ඉදලාම විභාග පාස්කරන්න දුවනවා, අපේ සමාජ ආර්ථික ක්‍රමේ හැටියට අපේ දරුවන්ට එහෙම නොකර බැහැ.
මෙම දිරිය දියණියගේ සත්කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න දියුණු රටවල් වලින් අභියෝගාත්මක ඉල්ලීමක් කරන ග්‍රේටාට ලංකාවත් උපරිම සහයෝගය දෙන්න ඕනේ. ඒ මොකද කියනවා නම් ගෝලීය උෂ්ණත්වය වැඩිවෙන හේතු කාරක සියල්ල සිද්ධ වෙන්නේ දියුණු රටවල නිසා සහ එහි බලපෑම වැඩිපුරම දැනෙන්නේ අපි වගේ දූපත් රටවලට සහ මුහුදු ආශ්රිත රටවලට නිසා. අපේ රටේ දැනටම ඉතා විශාල වශයෙන් මුහුදු ඛාදනය සිද්ධ වෙනවා. ගංගා ඇල දොළ කීපවරක් සිඳී යනවා. ඒ නිසා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය නොකොලොත් පිරිසිදු පානීය ජලය වගේම කෘෂිකර්මයට අවශ්‍ය ජලයත් හිඟ වෙන්න පුළුවන්. අපි වගේ රටවල් මේ ගැන හුඟක් ක්‍රියාකාරී වෙන්න ඕනේ.
අපේ රටේ කාලගුණය, දේශගුණය මේ වසරේ මොනතරම් වෙනස් වෙලාද ? අපේ දේශපාලකයෝ මොනවද කරන්නේ මේ ගැන ?
මම ජීවත් වෙන්නේ ටොරීනෝවල. මමත් ගියා. ඒ කියන්නේ ඇත්ත. චිනයෙන් අපේ රට රැකගන්න උත්සාහ ගන්න.
මේ ළමයා කරන දෙය අගය කල යුතුයි.
අපි චුටි උදාහරණයක් ගනිමු. අපි වෙළඳ සැලකට යනවා එළවලු, පලතුරු සහ අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න. අපි ගන්න පලතුරු හෝ එළවලු නිෂ්පාදනයේදී කොතරම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරනවාද මිනිසාට විෂ ? ඒ වගේම cfc ( ක්ලොරෝෆ්ලුවෝරෝකාබන් ) වායුන් වායු ගෝලයට පිටකරන..........ඊගාවට ඒ භාණ්ඩ වෙළඳ පොලට ප්‍රවාහනය කරන වාහන වලින් කොපමණ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට එක් කරනවාද ? ඒ වෙළඳසල් වල සේවය කරන අය සිය රැකියාවට එනවිට කොපමණ CO2 ප්‍රමාණයක් වායුගෝලයට එකතු කරනවාද ? අපි ගුවන් ගමනක යෙදෙනවිට අපේ ටිකට් පතේ බිලේ සඳහන් වෙනවා අපි මේ ගමනාන්තයට යනවිය කොපමණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එකතුකරනවාද කියලා. එංගලන්තයේ සිට අපේ රටට ගුවනින් එන විට අපි එක්කෙනෙක් කාබන් ඩයොක්සයිඩ් ටොන් 1 ක් වායුගෝලයට මුදා හරිනවා. ( අපි එන ගුවන් යානයෙන් පිට කරන CO2 ප්‍රමාණය මගීන්ගෙන් බෙදුවාම ලැබෙන උත්තරය ) මේ චුටි උදාහරණයෙන් පෙනෙන්නේ අපි හැම කෙනෙක්ම දවසකට කොපමණ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අපේ ලෝකයට එකතු කරනවාද කියලයි.
අන්ධයන්ගේ රටේ ඇස් පෙනෙන පුද්ගලයා ආබාධිතයෙක් වගේලු. අන්න ඒ වගේ තමයි ග්‍රේටා තන්බර්ග් කියන දරුවා. අර ඇස් නොපෙනෙන පුද්ගලයෝ තමයි ඔය කියන දේශපාලකයෝ. අනාගතය කලින් දකින්න හැකියාවක් බොහෝ අයට තිබුණත් ඒ සඳහා ක්‍රියාකාරී වන්නට හැකියාවක් නොමැත. මේ දරුවා ලැබූ ඒ දක්ෂතාවය අගය කළ යුතුය.