(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයේ විශාලතම ආර්ථිකයක් සහ විශාලතම බාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම පිණිස 2018/1/16 දින පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.
ශ්‍රී ලංකා තායිලන්ත දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා වට නවයකට පසු සකස් කරනු ලැබ ඇති වෙළඳාම සහ ආයෝජන දියුණු කිරීම, දේශීය නීති සහ රෙගුලාසි සඳහා අනුකූලතාවය සහ දැනුම් හුවමාරු කිරීම ඇතුළත් වෙළෙඳ ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපති අවසරය සහ විදේශ අමාත්‍යාංශය එකඟතාවය ලැබී ඇතැයි රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයෙන් ගේන භාණ්ඩවලට වැට් නැතිද?