
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන වැඩි කර විදේශ විනිමය ඉහල නංවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට හදන විකල්ප යෝජනා තිබේ නම් වහා ඒවා ඉදිරිපත් කරන්නැයි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද කීය.
මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ රේගු මූලස්ථානයේ අද (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරලා නැති රටක් මොනවද දන්නේ නැහැ මේ පිං ගුත්තරයා අපනයනය කරන්න හදන්නේ. 1977 පටන් ගත්ත අරාබියට ලංකාවේ කාන්තාවන් පටවන මාංශ වෙලදාම ඇරෙන්න අනිත් හැම අපනයනය භාණ්ඩයක්ම මුන් හිතාමතාම විනාශ වෙන්න ඉඩ ඇරියා.
මේක පටන් ගත්තේ අවුරුදු ගාණකට කලින් දැන් ලකුණු දා ගන්නවා...