
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ තේ වලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තැන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි.
තිරසර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව වැඩ සටහන නමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් පිළිගත් ප්‍රමිතිකරණයකින් යුක්තව තේ නිෂ්පාදනය කිරීමත් මෙම අන්තර් සහයෝගිතා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මුලික අරමුණයි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ තේ වගාවේ ප්‍රගමනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම මහජන සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ සටහන නිසා ශ්‍රී ලංකාවේ තේවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැකගැනීමට හැකිවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd