IMG-LOGO

ලෝක ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය භාවිතා කරයි

ලෝක  ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී සිටින බව ජගත් සංවිධානය සිය නවතම වාර්තාවකින් හෙළි කර ඇත. ඒ අනුව ලෝක ජනගහනයෙන් බිලියන 3.9ක් අන්තර්ජාල පරිශීලකයෝ වෙති. 
 
මෙම වර්ෂය අවසානය වන විට ජනගහනයෙන් 51.2%  අන්තර්ජාලය සමඟ සම්බන්ධ වනු ඇතැයි ජාත්‍යන්තර විදුලිසංදේශ සංගමය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසයි.
 
මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයක් කරා පියනැගීමට ඉතා වැදගත් පියවරක් බව එම සංවිධානයේ ප්‍රධානී හෝලින් ශෝ පැවසුවේය. 
 
ලෝකයේ ධනවත් රටවල 2005 - 2018 කාලයේ  අන්තර්ජාල භාවිතය මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළේය. 
 
අප්‍රිකාව වැනි  සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම දියුණුව වඩාත් විස්මජනක ස්වරූපයක් පෙන්නුම් කළේය. 
 
එසේම ලෝක ජනගහනය ඉක්මවාගිය ප්‍රමාණයක් ජංගම දුරකතන භාවිතා කරන බවද එම වාර්තාවෙන් හෙළි වී ඇත.
 
ඒ අනුව ජනගහනයෙන් 96% ක් ජංගම දුරකථන ජාලයන් වෙත ප්‍රවේශ වෙති.
 
එසේම 90% වඩා වැඩි පිරිසක් 3G හෝ එවැනි අධිවේගී සම්බන්ධතාවකින් අන්තර්ජාලයට ප්‍රවේශ වෙති.
 
 
(63226)



අදහස් (1)

ලෝක ජනගහනයෙන් අඩකට වඩා අන්තර්ජාලය භාවිතා කරයි

Prof. Edward Perera Monday, 10 December 2018 01:22 AM

මෙම වාර්තාවට අනුව දියුණු බටහිර රටවල අන්තර් ජාලය භාවිතය පිලිබඳ මන්ද ගාමී බවක් පෙන්නුම් කිරීමත් අප්‍රිකා රටවල එය තදින් ව්‍යාප්ත වීමත් සමාජ විද්‍යාත්මකව සොයා බැලිය යුතු කරුණක් ලෙස අපට හැඟී යනවා. දියුණු බටහිර රටවල (මෙන්ම ජපානය, චීනය හා කොරියාවත් ඇතුළුව ) මිනිසුන්ට ජීවත්වීමට දවසකට පැය 24 කුත් මදි තරම් මන්ද හැම විනාඩියක් යනු ඉපයිය හැකි මුදලක් බව ඔවුන් දන්නා නිසා. මේ කාලය දුර කතන හෝ පරිගණක හරහා නිකරුනේ නාස්ති කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැහැ. එසේ කලත් ඔවුන් එය කරන්නේ තමන්ගේ ජීවන වෘත්තියට සම්බන්ධ කරගෙනයි. නොදියුණු හා දියුණුවෙමින් පවතින රටවල පවතින මහා පරිමානයේ රැකියා වියුක්තිය නිසා දුර කතන ඔස්සේ අන්තර් ජාලයට පිවිසී මිතුරු මිතුරියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට ඔවුන්ට කාලයක් ලැබී තිබුනද ඉච්චා භංගත්වයෙන් මිදීමට එය උපකාරී වන්නේ කෙටි කාලීනව පමණි. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් අතර මෙන්ම තරුණ ජනගහනය අතර භාවිතා වන දුර කතන ඔස්සේ අන්තර්ජාලයට පිවිස තමන්ගේ දැනුම වැඩිකරගෙන රැකියාවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ පුළුල් කර ගැනීමට ඔවුන් පෙළඹවීමේ වැඩ සටහන් දීප ව්‍යාප්තව ප්‍රචලිත කළයුතුව ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1764 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 574 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 668 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site