
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වසර එකහමාරක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ අයෙකු සති තුනක් ඇතුළත ත්‍රී රෝද රථ පහක්, රන්මාල හා ජංගම දුරකථන කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම පුද්ගලයා සමඟ තවත් අයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ඔබේසේකරපුර පදිංචි "ගිහාන් බඩා " (27) සහ රාජගිරියේ පදිංචි "සාදු" (30) නමින් හඳුන්වන දෙදෙනෙකු බව පොලිසිය කියයි.
"ගිහාන් බඩා " මීට වසර එක හමාරකට පෙර මහජන පීඩාවන් ඇතිවන පරිද්දෙන් අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් බන්ධනාගාරගතව සිට මීට සති තුනකට පෙර ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකි.
ඔහු සමග ඇතුල්කෝට්ටේ "ප්ලේන්ටියා" නමැත්තකු ද නිදහස්ව පැමිණ ඇති අතර ඔහු හා එක්ව පෑලියගොඩ ප්‍රදේශයේ සිට ත්‍රී රෝද රථයකින් කැලණිය ප්‍රදේශයට පැමිණ එහි රියැදුරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් , රුපියල් 6,500 සමග මුදල් පසුම්බියක් සමග ත්‍රීරෝද රථය සමග කොල්ලකා පලා ගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 18
624
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක ගේම් කාරයෙක් බස්නාහිරින් අල්ලයි
achini Friday, 23 August 2024 03:04 PM
ප්‍රසන්න රණතුංගද?
samiduSaturday, 24 August 2024 02:35 PM
ඒක බොරු... දැන් ප්‍රසන්න, රනිල් ගාව නිසා පව්... ඔක්කොම ඉවරයි.