
(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙක් පත්කිරමට පසුගිය දින තුන තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තව දුරටත් දසුන් නායකත්වයෙ තබාගැනීමට තීරණය කළ බවයි.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොස් විතරයි පුළුවන්... බැටින්, බෝලින්, ෆීල්ඩින් තුනම බැහැ.
එහෙනම් ඒකටත් දෙවියන්ගේම පිහිටයි.
නියමයි, දස්සා.. ටීම් එක එකතු කර ජයගේන ඔබට සුබ පැතුම්..!
සුබපැතුම් දසුන්...!
ක්‍රිකට් වලට ආදරය කරන අය රටටත් ආදරෙයි. හැබැයි ක්‍රිකට් ගහන අය සහ නිලධාරීන් හිතන්නේ ඔවුන් ගැන විතරයි. රට පාවා දීලා හරි සල්ලි හොයන එක තමයි එකම අරමුණ... දසුන් කියන්නේත් ඒ ගොඩේම ඉන්න කෙනෙක් විතරයි. ඔය ටීම් එකේ කවුරු කැප්ටන් වුණත් එකයි. නම විතරයි වෙනස් වෙන්නේ...!
සංගක්කාරගෙන් පස්සේ දෙවැනි ප්‍රතිශතය තියෙන්නේ දසුන්ට .කල්ලිවාදය නැති .ටීම් එක එකට ගොනු කරලා ගන්න පුළුවන් කෙනාට .හොඳ නායකත්වයක් පෙන්නාන්න පුළුවන් කෙනා තමයි සුදුසු .හොඳම දේ තමයි අපිට කරපුදේට ඉන්දියා ටීම් එකට ගහන්න .ෆයිනල් එන්න.තම රට වෙනුවෙන් අප්‍රතිහත දයිර්යයෙන් කටයුතු කරන්න
එය වෙනත් රටක් නම්, දක්‍ෂතා හොඳ නැති විට ක්‍රීඩකයන්ම ඉවත් වේ. ශ්‍රී ලංකාවේ, අනෙක් සෑම අංශයකම මෙන්, ඔවුන් ප්‍රමාණවත් නොවන බව කිසිවෙකු පිළි නොගෙන, අඩු වී දක්ෂ පුද්ගලයින්ට අවස්ථාව ලබා දෙයි. හැමෝම හිතන්නේ මම හොඳම කෙනා කියලයි.
මම හිතන්නේ ඒක හොඳ තීරණයක්...