(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධිත මුදල් ත්‍යාගයක් පිරිනමන බව අද (22) නිවේදනය කළේය.
එහි අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදලක් වෙන්කර ඇති බවත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 300 ක් වෙන්කර ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පැවසීය.
අවසන් පූර්ව තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්‍ෂ 8 බැගින් ද පිරිනමන බවත් පළමු වටයේ තරගයක ජයග්‍රහණයක් සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනමන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලෝක කුසලාන ශූරයන්ට කෝටි 120 ක මුදල් ත්‍යාගයක්