
(අංජුල මහික වීරරත්න)
අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ'යි යන්න ප්‍රශ්නයක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ වෙන්දෙසිය ඩොලර් වලින් කරන්න අපිට ලාබ නෑ පාඩු විතරයි.
දැනටමත් කෘෂි අංශයට අදාල සියලු පහසුකම් සපයන්නේ පුද්ගලික අංශය බැවින්, ගොවිජන සේවා සහ අනෙකුත් කෘෂි අංශවල මහජන මුදල් විනාශ කරන නිලධාරින් සහ සේවකයින් ඉවත් කර එම මුදල් ගොවිජනතාවට රක්ෂණයක් සඳහා හෝ වෙනත් රටට ඵලදායි වැඩකට යොදවන්න.
අපේ අනුර කුමාර ජනාධිපතිතුමාත් කෘෂිකර්ම ඇමැතිවෙලා හිටි කෙනෙක් 2004 චන්ද්‍රිකා ආණ්ඩුවේදී. ඒ කාලයේ ඉඳන්ම මේ වනතුරු වුණු, නොවුණු සහ වියයුතු දේවල් හොයා බලාවි කියලා හිතනවා.