
(කාංචන කුමාර ආරියදාස)
ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුව ඇතැයි නගර වාසීහු පවසති.
මේ නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.
සීගිරිය ලෝක උරුමයක් වුවද සීගිරියේ නව නගරයේ පදිංචිකරුවන්ට මෙන්ම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට ලෝක කරුමයක් බව ඔවුහු අවධාරණය කරති.
මෙවන විට පොදු වැසිකිලි පද්ධති දෙකම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර දේශීය සංචාරකයන්ගේ සනීපාරක්ෂක කටයුතු හෝ සිදු කර ගැනීමට නොහැකිව පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව අවස්ථා ගණනාවක සැලසුම් කළ ද වර්ෂාව ලැබෙන විටදී මෙම භූමිය ජලයෙන් යට වී වැසිකිළි වළවල් උතුරා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම වළක්වාලීමට නොහැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාශ්‍යප රජතුමා මෙතන වැරැද්දක්කරල තියෙනවනෙ. බලකොටුව හදද්දි මේබිම වැසිවතුර නොයනසේ පොලව උස්සල හදන්ක තිබුන කියල බෝලෙ පාස්කරන්න කියලද කියන්නෙ.
මේක ලෝක උරුමයක් කියන්නත්ලැජ්ජයි. සල්ලි හම්බ කරන්න විතරයි හදන්නේ. සංචාරකයන්ට කිසිම පහසුකමක් නැහැ. අභ්‍යන්තරපාරවල්ගන්න දෙයක් නෑ. වාහන නවත්වන්න තියෙන තැන්ගැන කතා කරන්න දෙයක් නැහැ. හැම තැනම කාක්කො. කිසි පිළිවෙලක්නැහැ.
වතුර ට යටවෙන නම් උස් තැනක හදන්න
ඕවා කරන්න සල්ලි කොහෙද තියෙන්නෙ, නැවේ පාටියට ලක්ශ 50ක් 60 ක් වියදම් උනා. ලොකු මහත්තයත් ලොකු වැඩකට ඇමරිකාවට ගියා. ඒකටත් ලොකු වියදමක්. සීගිරියේ කක්කුස්සි ගැන මගුලක් කතා කරනවා. මලපහ කරන්න තැනක් නැත්තන් සුද්දන්ට ඔය කැලේ තියෙන්නෙ, බර සැහැල්ලු කරගන්ට ඕනැ නම් කැලේට යන්න කියන්න.
සීගිරියේ පමණක් නොවේ අන් හැම තැනකමත් ඔය ප්‍රශ්නය තියෙනවා. සීගිරියට ගිය දවසක එතන තියෙන වැසිකිළි භාවිතයට තරම් සුදුසු තත්වයක නොමැති නිසා විදේශ සංචාරකයින් සමඟ පැමිණි මඟ පෙන්වන්නෙකු සංචාරකයින්ට " ගස්වලට මුවාවී අවශ්‍ය කටයුත්ත කරගන්නා ලෙසට" උපදෙස් දෙනවා අපි ඇස්දෙකෙන්ම දැක්කා. ඒ වගේ කටයුතු ඊට කලින් දැක ඇත්තේ අප්‍රිකානු රටවල මහා වනාන්තරයේ කරන සෆාරි සංචාරයන් වලදී පමණයි. ඒවගේ තැන්වල අවට වෙන කවුරුවත් බලාගෙන ඉන්නේ නැති නිසා අවුලක් නැතුව ඇති. එක අවස්ථාවක සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පද්ධතියක් හදන්න උත්සාහ කළ අවස්ථාවේදී එයට විශාල විරෝධතාවක් එල්ල වුණු නිසා ඒ කටයුත්ත අත්හැර දමන්න සිදුවුණා අපට මතකයි. සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සකසා දෙන්න බැරි නම් " ලස්සන රට ඇවිත් බලපල්ලා" කියලා සංචාරකයින් ගෙන්වාගන්න එක අපරාධයක්. ප්‍රධාන පෙලේ හෝටල් වුණත් යුරෝපයේ මිලගණන් අයකරන නමුත් එවැනි පහසුකම් සපයන්නේ නැති බවටත් නැගෙන චෝදනා අහන්න ලැබෙනවා...
ලෝක කරුමයක් වූ ලෝක උරුමය නැරඹීමට පැමිණෙන සංචාරකයින් මුහුණ දෙන්නා වූ ගැටළු පිළිබඳව සොයාබැලීම සංචාරක ඇමැතිවරයාට හෝ සංචාරක ප්‍රවර්ධන හෝ සංචාරක අමාත්‍යාංශයේ වගකීමක් නොවේ..
සැලසුම් හදන " උගතුන් "ගේ අධ්‍යාපන මට්ටම, මින් ලස්සනට පිළිබිඹු වෙනවා. ඔය සැලසුම් හදන අයගෙන් දැනුම, පරිණත බව.. තිබෙන අය ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි සිටින්නේ. ඒ අයටත් තම දැනුම නිවැරැදි ලෙස යොමුකිරීමට ඉඩ නොදෙන කාලකන්නි මෝඩ නූගත් රැසක් දේශපාලුවන්ගේ මාර්ගයෙන් ඔය රාජකාරිය කරන්න පත්කරලා තිබෙනවා. වැඩිය ඕනෑ නැහැ... ඔය වැසිකිලිය සලසුම්කළ මෝඩයාව වන්දි නැතිවම ගෙදර යවන්න වටිනවා. ඒවා කොහේද මේ ධර්මද්වීපයේ...
වැසිකිළි අලුත්වැඩියා නොකළාම මොකෝ... ලොකු එකාද කලේ..? පොඩි එකාද කලේ කියලා... ගාන කපාගන්න පුළුවන්නේ... ඉස්සර මිනිස්සු කිව්වේ බළලා මැටියෙන් වුණත් මොකද මීයො අල්ලනවා නම් කියලා තමයි... ඉතින් සභාවේ ලොක්කෝ (ඕවායේ දැනට සිටින ලොක්කා ලේකම් තමයි) තමුන්ලා සැලසුම් හදනකොට ප්‍රදේශයට වහින කාලය දන්නේ නැද්ද? වතුරට යටවෙන තැන දන්නේ නැද්ද? අවශ්‍යතාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ...!
ප්‍රාදේශීය සභාවෙ ටීඕලාට ආදායම් පරිපාලකට ලැබෙන මුදල් මදිඇති නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ අවලස්සන වීමවත් නවතන්න බැරිද? ඇත්තටම පළාත් පාලන ආයතන කියන්නේ හොර ගුහාවල් කිව්වාම වරදක් නැහැ... හරි නම් ඕවායේ සිටින සියලු දෙනාටම වැටුප් රජයෙන් නොගෙනාවා නම් ඔය ආයතන හැදෙන්න පුළුවන්.., රජයෙන් වැටුප් ලැබෙනකොට සේවකයින් වැඩ කරන්නේ නැහැ.. මම අත්දැකීම් ඇතුව කියන්නේ...