(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හා ශ්‍රී ලංකා පොලිසිය අතර අන්තර් ජාතික අපරාධ වලට එරෙහිව ක්‍රියා කිරීම / පිටු දැකීම සහ පොලිස් සහයෝගීතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රස්තවාදය, සයිබර් අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් වෙළෙඳාම, මිනිස් ජාවාරම සහ වෙනත් ආකාරයේ සංවිධානාත්මක හා ජාත්‍යන්තර අපරාධ හේතුවෙන් වර්ධනය වන අභියෝගයන්ට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමාන අභිලාෂයන් සහිතව කටයුතු කරනු ලබයි.
එබැවින්, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම හා නීති ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගිතා පහසුකම් සැපයීම, සම්බන්ධීකරණ නීති පැනවීමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, පවත්නා සහයෝගිතා රාමු ශක්තිමත් කිරීම, තොරතුරු ප්‍රවර්ධනය සහ දැනුම හුවමාරු කිරීම, ධාරිතා සංවර්ධනය ආදිය අරමුණු කර ගනිමින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනාවී ඇත.
ඒ අනුව, දෙපාර්ශ්වය අතර අන්තර් ජාතික අපරාධ මැඩලීම සහ පොලිස් සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලංකා- ඕස්ට්‍රේලියා පොලිසි ගිවිසුමකට එයි
Krishna Wednesday, 11 June 2025 03:40 PM
කන්ටේනර් වංචාවල් පවා ඕකෙන් හොයන්න පුළුවන්...
Bunny Preena Thursday, 12 June 2025 09:30 AM
කොහොම උනත් කමක් නෑ – දූෂිත ක්‍රියාවන් වළක්වා, අඩුපාඩු නැතිකොට , ලෝකයම පිළිගන්න සුදුසු නීතිගරුක, විනය ගරුක, ශිෂ්ට සම්පන්න නිළධාරින්ගෙන් පරිපූර්ණ වූ හොඳ කාර්යශූර පොලීසියක් යන සන්නාමය හිමි කර ගැනීමට කටයුතු කරමු.