IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලංකා - ඉන්දුනීසියා ඒකාබද්ධ සෘජු ආයෝජන අරඹන්න යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ග්‍රැෆයිට්, පොස්පේට් හා ඛණිජ වැලි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා ඉන්දුනීසියා රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ සෘජු ආයෝජනයන් (G2G) සිදුකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

 ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය කර්මාන්ත  ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණු බව ද හඳුන්නෙත්ති මහතා කීය.

නැවත ආරෝපනය කළ හැකි විද්‍යුත් බැටරි (Re – Charge Battery) නිෂ්පාදනයට යොදාගන්නා  ග්‍රැෆයිට් ලබා ගැනීම පිළිබඳව ඉන්දුනීසියානු තානාපතිනිය ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඉල්ලා සිටි අතර රජයන් දෙක අතර ඒකාබද්ධ සෘජු ආයෝජන අවස්ථා තව දුරටත් පුළුල් කරමින් ඒ සඳහා සහාය දීමට  කටයුතු කරන බව අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පැවසීය.

දෙරටටම වාසිදායක වන අයුරින් මැණික් හා ස්වර්ණාභරණ, ඛණිජ වැලි, පොස්පේට්, දුඔුරු සීනි, බතික්, රෙදි පිළි, ඇලුමිනියම්, යකඩ හා සේවා කර්මාන්ත  ඇතුලත් නිදහස් වෙළෙඳ ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඹීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලද අතර දෙරට අතර සංචාරක හා කෘෂි තාක්ෂණික හුවමාරුවන් සිදුකිරීමට ඇති හැකියාවන් පිළිබඳවද  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා කීය.

 



අදහස් (0)

ලංකා - ඉන්දුනීසියා ඒකාබද්ධ සෘජු ආයෝජන අරඹන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 536 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1690 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site