
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සමත්ව ඇත.
ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟ මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 2021 වසරේ නොවැම්බර් 4 වැනිදා මස්ක්ගේ මුළු ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 340 ක් ලෙස සටහන් විය.
2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් ඔහුගේ ධනය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇතැයි විදේස් මාධ්‍ය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් බිලියන 200ක් කියන්නේ මේ ව්‍යාපාරිකයාගේ දවසේ ආදායමනේ..!
මේ ගනන් හිලව් පොත්පත් වල ඉලක්කම් පමනයි. නිරපේක්ෂ වටිනාකම් මීට වඩා වෙනස්.
ඕක සමත්කමක් වෙන්නෙ කොහොමද?
යථාර්ථය නම් ඔහුට ඩොලර් බිලියන 200 ක් අහිමි නොවීමයි. එම මුදල් සියල්ල ඔහුගේ කොටස්වල තක්සේරුව වූ අතර ඔහු මුදල් නොදැක්කා. ඇත්ත වශයෙන්ම එය වඩා සංජානනයකි. යමෙක් ට්‍රිලියනපතියෙකු වුවද, එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔහුට එකවර කාර් 5ක් පැදවිය හැකිද? එකවර ගෙවල් 10ක විවිධ ඇඳන් 10ක නිදා ගැනීමට හෝ දිනකට වේල් 50ක් කන්න, දිනකට 100 වතාවක් අඳින්න? සිදුවන්නේ ඔහු විශාල ආත්ම අභිමානයක් ඇති කර ගැනීම පමණක් වන අතර එය ඉතා භයානක ය, මන්ද යමෙකු මෙතරම් උසස් ආත්ම අභිමානයක් ඇති කර ගන්නේ නම් යමෙකු ඊළඟ ආත්මයේ කිසි විටෙකත් මිනිසෙක් ලෙස උපදින්නේ නැත, නමුත් සෑම සම්භාවිතාවකින්ම තිරිසන් ලෝකයක.
ඕක මොකක්ද? නාමල්ගේ බිට් කොයින් 8800ට USD 60,000 ගණනට තිබුණු 2021 දී පොර වෙලා හිටියට දැන් USD 16,000ට බැහැලා. පාඩුව USD මිලියන 387යි. එනම් ලංකාවේ රුපියල් බිලියන 147 එනම් රුපියල් කෝටි 14,700 යි. දැන් සැප ද? ආයෙම රාජපක්ෂලාට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට ඡන්දෙ දෙනවද?
මෙ කොයි විදියට දනය තිබ්බත් එ අය දන්නෙ නෑ එවගෙන් ප්‍රයෝජනයක් ගන්න ලොකයේ අන්ත දිළිදු ජනයාගෙ අද්යපනය වෙනුවෙන් මෙයා පලදායීව වියදම් කරන්න එතරම් තවත් අයොජනයක් තවත් නෑ ඔව ගොඩගහගෙන කොහෙ ගෙනියන්නද දනය සහ එහි ආනිසන්ස ගෙන කර්ම කර්ම්පල නොදෙන්එම් ප්‍රතිපලයක් කෙනෙකුට උපයන්න අමරුයි උපයන එකෙන් ප්‍රයොජන ගැනීම ඊටත් වඩා අමරුයි.
ඔය කියන ගණන් පොත් වල සඳහන් වුනු අගයන් පමණයි. නියම මුදල් නොවේ.
සයන්ස් පිස්සන්
මිනිස්සුන්ට සැප කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තේරෙන්නේ නෑ. ගොඩක් දේවල් එකතුකරනවා කියන්නේ දුක් ගොඩක් එකතු කරනවා කියලා බොහෝ දෙනෙකුට ත්රෙන්නේ නෑ. දේවල් අඩූ වෙන තරමට හිතට සැප වැඩියි කියලා තේරෙන්නේ නෑ. ඇත්ත ඒකයි. බෞතික දේවල් ගොඩගසාගැනීමෙන් තමයි සැප ලැබෙන්නේ කියලා තමයි මිනිස්සු හිතන්නේ. අළුත් ගෙදරක් හදලා බඩුවලින් පුරවන්න කලින් ගේ ඇතුලේ ඇවිදින්න මොනතරම් සැහැල්ලුවක් දැනෙනවද. ගම්වල ඉන්න එදාවේල හොයාගෙන කන මිනිස්සු තරම් සතුටක් සල්ලිකාර, බලවත්, පොහොසත් මිනිස්සු විඳින්නේ නෑ. බාහිරින් පෙනුනට හිතට සැනසීමක් නෑ. ඇත්ත ඒකයි.