(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මගීන් 50 කට ආසන්න පිරිසක් රැගෙන අම්පාර බලා ගමන් ගත් බස් රථයේ රියදුරුට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැනි අනතුරු රැසක් සිදුවීමෙන් අනතුරුව රියැදුරා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර ලංගම ඩිපෝවේ රියදුරු ලෙස රැකියාව කරන උහන දෙමටමල් පැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි අසංක සංජීව කුමාර 44 යන අයයි.

සිදුවූ එම අනතුරින් බස් රථ නැවතුමකට දුරකථන කණුවකට ගේට්ටුවකට, මෙන්ම තාප්පයකට හා බස් රථයේ ඉදිරිපසට බරපතළ අලාභ සිදුව ඇත.

අද උදෑසන 5.30 ට මෙම බස් රථය කොළඹ සිට අම්පාර බලා ගමන් ආරම්භ කර  ටික වේලාවකටපසු වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක් ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

බස් රථය අනතුරට ලක්වීමට විනාඩි කිහිපයකට ඉහතදී බස් රථ රියදුරු විසින් මගී කාන්තාවක්ද බස් රථයට නන්වා ගත් බවත් එයින් අනතුරුව ඔහු එකවරම කලාන්ත ගති තත්ත්වයකට පත්ව බස් රථය පාලනයෙන් ගිලිහී ගොස් මෙලෙස අනතුරට ලක් වූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී මඟීන් පනහකට ආසන්න ප්‍රමාණයක් බස් රථයේ සිටියත් ඔවුන් කිසිවකුටත් කිසිදු හානියක් වී නැතැයි පොලිසිය සඳහන් කරයි.