
(සුජිත් හේවාජුලිගේ)
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට බාධා එල්ල වීම ඇතුළු මැද පෙරදිග යුද්ධය හා බැඳුණු විවිධ ගෝලීය කාරණා හේතුවෙන් ලංකාවේ ආහාර අර්බුදයක් නුදුරේම ඇතිවීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකතනය කරති.
මේ තත්වය යටතේ රටේ සියලුම ආකාරයේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සියයට පහළොවකින් පමණ ඉහළ යා හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
එසේම මෙම වටපිටාව යටතේ පහළ මධ්‍යම පන්තික ජනතාව තවදුරටත් පහළට වැටෙනු ඇති බවත් විවිධ පුද්ගලයන් මත යැපෙන( අතපාන) ජනගහනයද ඉහළ යා හැකි බවත් ප්‍රකාශ කරති.
විශේෂයෙන්ම දරුවන්ට සරසවි සහ පාසල් සිසුන්ට ආහාර හිඟය දැඩි පීඩාකාරී ලෙස බලපානු ඇතැයිද ආර්ථික විශ්ලේෂණ වාර්තා සඳහන් කරයි.
මෙවැනි තත්වයක් තිබියදී රජය විධිමත් වගා සංග්‍රාමයකට මෙතෙක් ජනතාවට ආරාධනා කර නොතිබීම බරපතළ ගැටලුවක් බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මල් පෝච්චිවල පවා ආහාර භෝග වගා කිරීමට ජනතාව මේ මොහොතේදී උනන්දු කළ යුතු බවයි. එහෙත් මේ දක්වාම එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැති බව ඔහු පැවසුවේය.
එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ පවතින තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් ආහාර ආරක්ෂිත ක්‍රමවලට යොමුවී සිටියත් ලංකාව තවමත් එවැනි තැනකට පැමිණ නැති බවයි.
මැද පෙරදිග යුද්ධය දිගින් දිගටම ඇදී ගියහොත් මෙරට ලොකු ආහාර අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd