IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ලී මෝල් හිමිකරුට වෙඩි ප්‍රහාරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර උතුර හොරේතුඩුව ගැමුණු මාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

ලි මෝල් හිමිකරු ඔහුට අයත් මෝටර් රථයෙන් හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපොල දෙසට පැමිණීමේදී අද අළුයම එකත් දෙකත් අතර කාලයේදී කුබුක පන්සල හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදියෙන් පැමිණ ඇති පුද්ගලයා මෝටර් රථය පැදවූ ලි මෝල් හිමිකරුට අතින් සංඥාවක් කර මෝටර් රථය නවතා එහි පිටුපස වයරයක් පැටලී ඇදී එන බවට පවසා ඔහු මෝටර් රථයෙන් බැසීමත් සමගම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මොරගහහෙන පොලිසිය කියයි.

මෝටර් රථයේ රියදුරු අසුනට පසුපස අසුනට අසල තිබෙන වීදුරුවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සලකුණු දක්නට ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය  එල්ල වී ඇති අතර ඇතිවූ වෙඩි ශබ්ද සමඟම ඒ ආසන්නයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර තමන්ට කිසියම් පුද්ගලයකු බෝතලයකින් පහර දුන් බවට පවසා තමන්ව රෝහල්ගත කරන ලෙස ඔහු ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ලී මෝල් හිමිකරුට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 296 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 646 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site