
(කේ. බුද්ධික කුමාරසිරි)
කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු අත් අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසයි.
සැකකරු කිසියම් රෝගී තත්වයක් මත මතුගම පිඹුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුලත් කල අයෙකු බවද පොලිසිය පවසයි.
එලෙස නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි සිටි වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී එක් වරම ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවත් එම අවස්ථාවේදී පොලිසියට පැමිණිලි කරන බවට සැකකරුට පවසා යළිත් රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී දෙවෙනි වරටද වෛද්‍යවරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවට ලද පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.
ඒ අනුව පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහගම සමගිපුර තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd