(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව උදෙසා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලසුම් තුනක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම සැලසුම නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  Courtyard by Marriott – Colombo City Centre හෝටලයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආසාදන පාලනය සඳහා ජාතික ප්‍රතිපත්තිය, සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය හා රෝගී ආරක්ෂාව සඳහා ජාතික උපායමාර්ගික සැලැස්ම, ඖෂධ භාවිතයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම  යන ජාතික ලේඛණ ත්‍රිත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු සිදු කෙරිණි.

එමෙන්ම ශල්‍යකර්ම සිදුකිරීමේ දී රෝගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භාවිත කරන  ශල්‍යකර්ම ආරක්ෂණ පිරික්සුම් ලැයිස්තුව පිළිබඳ හඳුන්වාදීමක් ද මෙහි දී සිදුකරන ලදී.