(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට ගියා නම් තෙල් සම්බන්ධයෙන් වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් මීට පෙර ලබා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය .

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ  බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් වතු ශ්‍රමික ප්‍රජාවගේ සම්බන්ධීකාරකවරුන්,

ජ්‍යෙෂ්ඨ පුරවැසි හා සාම විනිසුරු සංවිධානයේ කැඳවුම්කරුවන් පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

බ්‍රික්ස් සමුළුවට ආරාධනා කරපු අවස්ථාවේදී එම සමුළුව මගහැරියා. බ්‍රික්ස් සමුළුවට ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගියානම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් තෙල් පිළිබඳව මීට පෙර ලබා ගැනීමට තිබුණා. එහෙනම් රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු ඉන්න ඕන වෙන්නෑ.ඒ අවස්ථාවේදීම බලශක්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉඩ තිබුණා. කමක් නැහැ. පහුවෙලා හරි කරපු එක ගැන සතුටු වෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.