
(අංජුල මහික වීරරත්න)
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ.
මෙම සම්මාන ප්‍රදානය දකුණු කොරියාවේ සෝල් නුවර, සර්වොන්ග්ලක් (SamcheongGak) හි පිහිටි ඉල්-හේවා - ඩැන්ග් (IL - HWA-DANG) හිදී පැවැත්වුණු 41 වන සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී (SITF) සිදු කෙරිණි.
මෙම ඇගයීම, ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය දායකත්වය මෙන්ම කර්මාන්තයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය යන අංශ ද්විත්වයම දැඩි ලෙස ඇගයීමට ලක් කරමින් SITF සංචාරක සම්මාන කමිටුව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන පර්යේෂණ සහ විධිමත් ඇගයීම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
සෑම වසරකම ඉතා සීමිත පුද්ගලයන් සංඛ්‍යාවක් පමණක් දීර්ඝ නිරීක්ෂණයකින් පසුව මේ සඳහා තෝරා ගැනෙන බැවින්, මෙම උපහාරය ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව අතර ඉහළම ගෞරවයක් හිමිවන සම්මානයක් ලෙස සැලකෙන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd